Skip to main content

Posts

මලයාලම් ආදරවන්තයෙක් වෙමුද? - කේරලය

මලයාලම් චිත්‍රපට බලන ඇත්තො ඉන්නවනේ. එහෙමත් නොකිය මෙහෙම කියමු. "මලයාලම් ආදරවන්තයො". ඔය Hollywood, Bollywood, Kollywood ඔය ඕන තරම් චිත්‍රපට ආවත් මලයාලම් එක චිත්‍රපටයක් බැලුවොත් නිතැතින්ම ඔහු මලයාලම් භාෂාවට පවා පෙම්බඳින්නෙක් වෙනව. මමත් එහෙම කෙනෙක්. ⁣මාව විශ්වාස නැත්තම් "Premam" "Charlie" මෙන්න මේ චිත්‍රපට දෙක විතරක් බලන්නකො. හරි අද කතාව මලයාලම් චිත්‍රපට ගැන නන් නෙමෙයි. මලයාලම් චිත්‍රපට බොහෝමයකට දර්ශන තලය වෙච්ච, මලයාලම් කතාකරන ඈයෝ ඉන්න ඉන්දියාවේ පරාදීසය "කේරලය" ගැනයි. කේරලය සැබැවින්ම පාරාදීසයක්. ඇවිදින්නෙකුගෙ එක සිහින ගමනාන්තයක්. අපි අද කතා කරමු කේරලය ගැන,  පොල් ගස් ගොඩාක් තියන, කඳු ගංඟා වැව් ගොඩකින් වටවෙච්ච මේ අපූරැ භූමියට පයතියල ගන්න පලවෙනි හුස්ම පොදෙන්  ඔබට දැනෙයි "ඔබ ජීවත්වෙනව" කියල. කේරලය මෙතරම් ලස්සන වෙන්න හේතුව මේ සුන්දර පරිසරයම තමා. ඒ සුන්දර පරිසරයම සුන්දර මිනිසුන්ව හදනවා. අන්න ඒ සුන්දර මිනිස්සු ඉන්න හින්දම කේරලය තමා ඉන්දියාවේ පිරිසිදුම ප්‍රාන්තය.  ⁣ "වැස්ස" , මලයාලම් චිත්‍රපට වලින් වැස්ස කියන දේ හ
Recent posts

නීමෝ ගේ ගෙවත්ත - මුහුද යට වගාව

" මුහුද යට බෑලූන් ආකාරයේ වගා රාක්ක වල රතු ගෝවා, සලාද, බෝංචි හදනවා. දිනෙන් දින වැඩෙන මේ එලවලු වර්ග අතරට තව තවත් අලුත් එලවලු වර්ග රැසක් එකතු කෙරෙමින් පවතිනවා " උඩ කතාව ඇහුවම නිකං විද්‍යා ප්‍රබන්ධයක කල්පිතයක් වගේ නේද? එහෙම හිතෙන එක සාධාරණයි. නමුත් විශ්වාස කරන්න බැරි දේවල් දවසින් දවස විද්‍යාවෙන් යථාර්ථයක් බවට පත් කරද්දි මුහුද යට වගාවත් ඒ වගේ යථාර්ථයක් බවට පත්⁣ වෙලා.  මේ වගාව සිදුවෙන්නෙ ඉතාලියේ, නෝලි වල  වෙරල තීරයෙන් මීටර් 100 ක් ඇතට වෙන්න පිහිටි තැනට මුහුද යට. Ocean Reef Group යන සංවිධානය ලොව දක්ෂතම කෘෂිකාර්මික තාක්ෂණවේදියොත් එක්ක එකතුවෙලා ආහාර නිපදවීමේ නව මානයන් සොයා යාමේ ගමනේ එක සංධිස්ථානයක් විදියට මේ "දිය යට කෘෂිකාර්මාන්තය" හඳුන්වන්න පුලුවන්. ඔවුන්ට අනුව "නීමෝ ගේ උද්‍යානය" ( Nemo's Garden ) ලෙස හඳුන්වන මෙම ව්‍යාපෘතිය 2012 දී ආරම්භ වූ අතර මේ වනවිට බැලූන් ආකාරයේ වගා බෝල 7 කින් සමන්විත වන අතර එක් එක් ⁣වගා බෝලයෙහි පැල බඳුන් 22 ක් අඩංගුය. මෙම ව්‍යාපෘතියෙහි පැල වගා කිරීම සඳහා හයිඩ්‍රෝෆොනික ක්‍රියාවලිය ( පස රහිතව වගා කීරීම ) භාවිතා වන අතර ලවණහරණය ම

2019 සිට ඇපල් ඉන්දියාවෙන්ද..? iphones Made in India..?

2019 දී iphone හදන්නේ ඉන්දියාවේ..? 2019 වර්ෂයේ සිට Apple සමාගම සිය මිල අධිකම Phone වර්ග වන iphone X වර්ගයේ දුරකථන ඉන්දියාවේදී නිපදවීමට පියවර ගනියි.  Foxconn නමැති ආයතනයක් ( Apple සමාගමෙහි විශාල කොටස් ගණනකට හිමිකම් කියන සමාගමක් ) මේ සම්බන්දයෙන් Apple හා කටයුතු කරන අතර ඉදිරි වසරේදී එලිදැක්වෙන iphone මාදිලි සියල්ල ඉංදියාවේදී නීපදවූ ඒවා වනු ඇතැයි බොහෝ දුරට අනුමාන කල හැක. 2017 දී සිට iphone SE මාදිලිය හා පසුව iphone 6S මාදිලිය ඉන්දියාවේ නිපදවීමට කටයුතු කලද ඇපල් සමාගම තම මිල අධික ප්‍රමුඛතම iphone X මාදිලිය ඉන්දියාවේ නීපදවීමට තීරණය කෙරුණු පලමු අවස්ථාව මෙය විය. Apple සමාගමට මෙම තීරණය ගැනීමට බලපෑ ප්‍රධාන කරුණ වූයේ පසුගිය වර්ෂවලදී ඉන්දියානු රජය ආනයනික දුරකථන සඳහා පැනවූ අධික බදු ය. තවද ඉන්දියාව තුල Smart phone නිපදවන්නන් හට අනායනික දුරකථන කොටස් කෙරෙහි ⁣⁣බදු ලිහිල් කර ඔවුන් දිරිගන්වන ලදී. ඉන්දියාව යනු හොඳ වෙළඳපලක් බැවින්ද, නිපදවීමේදි යන අඩු වියදම, අඩු මුදලට මිනිස් ශ්‍රමය ලබා ගත හැකි වීම නිසාද Apple සමාගම තම උපාංග සියල්ලම ඉදිරියේදී ඉන්දියාවේදී නිපදවනු ඇතැයි අනුමාන කල හැක. කෙසේ හො ඉදිරි

උෘ බේබද්දෙක්ද ?

පට්ට අව්වක් ඒ අස්සෙ පට්ට හුළඟක්.. චාටර් වෙච්ච මූනූ වල පොස්ටර් වලින් නෑවුන බස් නැවතුමකට ගොඩවුනේ ඔලුව කර වෙන අව්වෙන් බේරෙන්න.. මාත් එක්කම චාටර් වෙවී කට්ට කන දෙන්නෙක් උන්ගෙ ලොක්කොන්ගෙ ඦන්ද පදනම ගැන හරි අපූරුවට කතාවක..! මාත් බස් එකක් එනකන් කියලා අඩ නින්දට ලාවට සෙට් වෙද්දිම මට ආවා ගඳක්..! මොකක්ද ටෙෘකන්ඩ ඒ..? ගලියක් නවත්තලා..! ගලියක්ද ඔව් ඔව් මං ඒකට ගලියක් කියල කියන්නෙ මට ඇහුන විදියට..! ඒකෙන් තමා මේ ගඳ..! අවුලක් නෑ ඒත් මහා ලොකු ගඳකුත් නෑ..! හිතුන විදියට ඒක මේ ළඟ ගෙදරකට අාපු එකක්..! මනුස්⁣සයෙක් බැස්ස..! මං මනුස්සයට "උෘ" කියලම කතා කරන්නන් උඔලගේ බසාවෙන්ම..! උෘ ගලි බවුසරේ ගෙදර ඇතුලට ගන්නවත් එක්කම ගෙදර ගෙට්ටුව ගාව නතරවුනා..! උෘ ඔතන් ආපු පත්තර කොලයක් දිගෑරලා ගත්තා බනිස් ගෙඩි දෙකක්..? ඔව්..! ලොකු බනිස් ගෙඩි දෙකක් උෘ එක පිම්මට ඒක කාගෙන ගියා..! ඒත් එක්කම උෘ වතුර එකක් අරන් බීලා ඒත් එක්කම අරක්කු කාලක් අරන්.. ඔව් බන් ගල් කාලක් තමා..! එක පිම්මට අමුවෙන්ම ගහගෙන ගියා.. අම්මට සිරි මාර ඩයල් එකක් මූ..! " බේබදු හැත්ත වැඩක් කරන්න ගියත් බොන් නැතුව බෑ.." ආහ් මං වගේම බස් නැවතුමේ හිටපු අනිත

ඩොලර් මිලියන 120 ක චිත්‍රයේ අරුම පුදුම කතාව - The Scream

( The Scream ) මොකක්ද මේ අරැම පුදුම කතාව? අපි නොදත් චිත්‍රයක අරුම පුදුම කතාව..? ඉහත රෑපය.. Whatsapp, Facebook හැම තැනකම තියන ජනප්‍රිය Emoji ය. මේ Emoji ය පිටිපස්සෙ හරි අරුම පුදුම කතාවක්, කලා ලෝකයේ විශිෂ්ට නිර්මාණයක් තියනවා කීවොත් ඔබ පුදුම වෙයි අනිවාර්යයෙන්ම.. Edvard Munch විසින් 1893 අඳිනු ලබන The Scream ( මොරගෑම ) යනුවෙන් හඳුන්වනු ලබන මේ චිත්‍රය නූතන කලාව තුල විශිෂ්ට සලකුණක් තබනවා.. ( Edward Munch - විකිපීඩියා ඇසුරිනි ) ( The Scream පැස්ටල් සිතුවම )  Arthur Lubow ට අනුව ( ජනමාධ්‍ය වේදී ) The Scream යනු නූතන සාහිත්‍යයේ මෝනාලීස යි. Edward පවසන විදියට තමන්ගෙ වචනවලින්ම මේ චිත්‍රය ඇඳීමට පාදක වෙන්නෙ මේ වගේ අදහසක්.. " එක හැන්දෑවක මම පාරක ඇවිදගෙන යනවා.. එක පැත්තක නගරයත් අනිත් පැත්තෙ කඳු අතරෙහි වූ පටු කලපුවත් තියනවා.. මට මහන්සියක් දැනෙනවා. මම නතරවෙලා බලනවා කලපුව දිහා..! අහසෙ වලාකුලු ලේ රතු පාටට හැරිලා..! මට දැනෙනවා ⁣පරිසරේම මොර දෙනවා ඇහෙනවා වගේ..." චිත්‍රය පිලිබඳ පර්යෙෂකයන් පිරිසකට අනුව Edward ⁣ගේ මේ චිත්‍රයට පාදක වෙන පරිසරය පිහිටන්නෙ නොර්වේ රාජ්‍යයේ ඔස

රෝමන්ගෙ Wrestling දිවිය අවසන්ද?

Wrestling ගැන ගොඩක් අය දන්නවනේ.. ගොඩක්ම ලංකාව ඇතුලෙනම් ක්‍රිඩාවක් විදියට ⁣Wrestling කරන අය අඩු වුනාට Wrestling බලන අයගෙනන් අඩුවක් නෑ..  මේ අතරිනුත් WWE කීවම ගොඩක් අය දන්නවා.. John Cena, Rock, Triple H, Undertaker කීවම ගොඩක් අය දන්නවා.. මේ වගේම WWE Superstar කෙනෙක් තමා Roman Reigns ( Leati joseph Anoa'i )  කියන්නෙත්.. වෘත්තියම වශයෙන්⁣ Wrestler කෙනෙක් වෙන්න කලින් රෝමන් කියන්නෙ දක්ෂ football ක්‍රීඩකයෙක්..  WWE නැත්තන් World Wrestling Federation එකේ අනාගත තරැවක් Main face එකක් වශයෙන් හිටපු ⁣Roman තමන්ගෙ Universal Championship එක අතහැරියා.. හේතුව තමයි ඔහුට වැළඳීලා තියන ලියුකෙමියා රෝගය? ඔහුට මේ රෝගය වැළඳිලා තියෙන්නෙ මීට අවුරැදු 11 කට කලින් නමුත්, අවාසනාවන්ත විදියට  නැවතත් ලියුකෙමියාවෙන් ඔහුට බැටකන්න සිදුවෙනවා.. ඒ හේතුවෙන්  2018/10/22 වෙනිදා පැවැත්වුන WWE එකේ සතිපතා පැවැත්වෙන Monday Night RAW වැඩසටහනේදී ඒ වෙනවිටත් Universal Champion හි හිමිකරැ වෙලා හිටපු රෝමන්ට තමන්ගෙ ශූරතාවය බාරදෙන්න සිදුවෙනවා.. හතර වතාවක් WWE Champion වුනු, ⁣අවුරැදු 33 ක් වෙච්ච රෝමන් ලියුකෙමියා රෝගය හේතුවෙන් තමන්ගෙ

ලෝකෙන්ම ඇමක් නොදා මාලු බාන ලංකාවේ ඈයෝ

ලංකාව කියන්නෙ හතර අතින්ම මුහුදෙන් වටවෙච්ච දූපතක්නෙ.. ඉතිං හරි හරියට ධීවර කර්මාන්තෙත් කෙරෙනවනේ.. කොච්චර මුහුද තිබ්බත් කොච්චර හොඳ විවිධත්වයක් එක්ක මත්ස්‍ය සම්පතක් තිබ්බත් ලංකාවේ මිනිස්සු රටින් මාලු ගෙනත් කනව කියනවනේ.. මේ කතාව ධීවර කර්මාන්තෙ ප්‍රශ්න ගැනනන් නෙමෙයි.. හැබැයි ධීවර කර්මාන්තෙ අපි පොඩියට හිතන ලොකු කතාවක් තියන මාරම ඉන්ටරස්ටින් දෙයක් ගැනයි..  රිටි පන්නා ක්‍රමය.. මෙහෙම කීවට නන් සමහරක් කට්ටියගෙ මොලේට මීටර් වෙන් නැතුව ඇති.. අර මුහුද මැද්දෙ ලොකු රිටක් ගහන් එකේ මැද්දෙන් තිරස්ව පොල්ලක් බැඳන් එ්ක උඩට වෙලා මාලු බාන එක..? අන්න දැන්නන් කට්ටියට මීටර් නේ..? මමත් හිතුවේ මේක මේ පොඩි දෙයක් බිලී පිත්තක් අරන් මාලු බානවා.. එච්චරයි.. හැබැයි එතනින් එහාට ගැබ්වෙච්ච කතාවක් මේක අස්සෙ හැංගිලා තියනවා.. නිකං කතාවක් නෙමේ මුලු ලෝකයක් හොයන කතාවක්.. පත්තරේ ගිය ආර්ටිකල් එකකින් තමා මමත් මේක හරියටම දැන ගත්තෙ..  රිටි පන්නා ක්‍රමය, මේ ක්‍රමයේදි වෙන්නෙ නොගැඹුරැ මුහුදෙ වෙරලට යම් තරමක දුරින් ⁣ශක්තිමත් රිටක් හිටවනවා.. මේ රිට ජල මට්ටමේ ඉඳන් අඩි 7 ක් 8 ක් වගේ උසක් හිටින්නයි හිටවන්නෙ.. කදුරැ, කඩෝලාන වගේ වතුරට ඔරොත