Skip to main content

Posts

Showing posts from April, 2019

නීමෝ ගේ ගෙවත්ත - මුහුද යට වගාව

" මුහුද යට බෑලූන් ආකාරයේ වගා රාක්ක වල රතු ගෝවා, සලාද, බෝංචි හදනවා. දිනෙන් දින වැඩෙන මේ එලවලු වර්ග අතරට තව තවත් අලුත් එලවලු වර්ග රැසක් එකතු කෙරෙමින් පවතිනවා " උඩ කතාව ඇහුවම නිකං විද්‍යා ප්‍රබන්ධයක කල්පිතයක් වගේ නේද? එහෙම හිතෙන එක සාධාරණයි. නමුත් විශ්වාස කරන්න බැරි දේවල් දවසින් දවස විද්‍යාවෙන් යථාර්ථයක් බවට පත් කරද්දි මුහුද යට වගාවත් ඒ වගේ යථාර්ථයක් බවට පත්⁣ වෙලා.  මේ වගාව සිදුවෙන්නෙ ඉතාලියේ, නෝලි වල  වෙරල තීරයෙන් මීටර් 100 ක් ඇතට වෙන්න පිහිටි තැනට මුහුද යට. Ocean Reef Group යන සංවිධානය ලොව දක්ෂතම කෘෂිකාර්මික තාක්ෂණවේදියොත් එක්ක එකතුවෙලා ආහාර නිපදවීමේ නව මානයන් සොයා යාමේ ගමනේ එක සංධිස්ථානයක් විදියට මේ "දිය යට කෘෂිකාර්මාන්තය" හඳුන්වන්න පුලුවන්. ඔවුන්ට අනුව "නීමෝ ගේ උද්‍යානය" ( Nemo's Garden ) ලෙස හඳුන්වන මෙම ව්‍යාපෘතිය 2012 දී ආරම්භ වූ අතර මේ වනවිට බැලූන් ආකාරයේ වගා බෝල 7 කින් සමන්විත වන අතර එක් එක් ⁣වගා බෝලයෙහි පැල බඳුන් 22 ක් අඩංගුය. මෙම ව්‍යාපෘතියෙහි පැල වගා කිරීම සඳහා හයිඩ්‍රෝෆොනික ක්‍රියාවලිය ( පස රහිතව වගා කීරීම ) භාවිතා වන අතර ලවණහරණය ම