Skip to main content

Posts

Showing posts from January, 2018

පාට කූරෑ....

විශ්ව විද්‍යාල දිවියට සමුදුන් වහාම සිතැඟි  අනාගතය වූ ගුරැ වෘත්තියට පිවිසි මා හට සුපුරැදු පරිදි මාගේ පලමු සේවා කාලය දුෂ්කර පලාතකට හිමිවිය. ගමන් පහසුකම් අතින්ද, සන්නිවේදන පහසුකම් අතින්ද දුෂ්කර භාවය අතිශය දුෂ්කර කරවූවද දක්ෂ දරැ දැරියන් ගොන්නකට හිමිකම් කියූ පාසල් මාතාවක් මේ පාලාතට විය.. තවද බහුතරයක් අව්‍යාජ මිනිසුන් විසූ මෙම පලාත මා හට එතරම්ම දුෂ්කර නොවුවේ කලක් යත්ම මම මේ පරිසරයට, ස්භාවයට අතිශය ඇලුම් කල බැවිනි... වැසි කලට මඩ ගොවිතැනද, වැසි හිඟ කාලවලදී ගොඩ ගොවිතැන්ද කල ගම් වැසියන් මිල මුදල් මත යැපීමට වඩා එදා වේල කා ජීවත් වූ පිරිසකි.. "ඉස්කෝල මහත්තයා තේ එක" කාන්ති අක්කගෙ හඬට ගෙතුලට ගිය මා තේ කෝප්පයද රැගෙන වෙරලු ගහ යට තිබූ බංකුව වෙතට පිය මැන්නෙමි. කාන්ති අක්කා යනු සෝමරත්න අයියාගේ බිරියයි.. සෝමරත්න අයියා වෘත්තියෙන් ග්‍රාම සේවක මහත්මයෙකි. දරැ දැරියන් නොවූ මෙම පවුලේ නිත්‍ය සමාජීකයන් වූයේ සෝමරත්න අයියාත්, කාන්ති අක්කාත් පමණි.⁣දුෂ්කර සේවය පිණිස මේ පලාත ලැබුන පසු මා හිතවතකුගෙ ඇඳුරැම් කමක් මත සෝමරත්න අයියාගෙ නිවස මාගේ බෝඩිම් කාමරය විය. එකල ආ මුල් දවස්වල ⁣මෙම නිවසෙහි මා හට නවාතැන් ලැබී

සමලිංගිකත්වය ,ඇපල්, සහ පරිගණකය

මාතෘකාව වැ⁣ටහේවි.. අවසානය වෙනකන් කියවන්න.. ඇලන් මැතිසන් ටියුරින්... ඇලන් ටියුරින්.. 1912 ජූනි 23 වෙනි දින එංගලන්තයේ ලන්ඩන් නුවර උපත ලබන මොහු, නූතන පරිගණක විද්‍යාවේ පියා වශයෙන් හැඳින්වෙනවා.. ඇලන් ටියුරින් පරිගණකය වර්ධනය කිරීමෙහිල අතිශය සාධනීය බලගතු කාර්යයන් සිදුකරනවා.. මොහු විසින් පරිගණක අකෘතියක් වන ඇල්ගොරිතම හා ටියුරින් යන්ත්‍රය සමග ගණනය කීරීම් සිදුකරනවා... මොහු නොසිටින්නට, නූතන විද්‍යාවෙ විස්මයක් වන කෘතිය බුද්ධියක් යන වචනය නෑසෙන්නට තිබුනා.. දෙවන ලෝක යුද්ධ සමය.. ඇලන් බ්‍රිතාන්‍ය කේත මධ්‍යස්ථානයට තම සේවය සපයනවා. මෙහිදී ඇලන් විසින් ජර්මානු නාවික ගවේෂණ හී බලවත්ම සාධකය වූ හට් 8 පිලිබඳව වගකීම බාරගන්නා අතර ජර්මානු "කේතු යකා" (ciphers) බිඳහෙලීමේ සිද්ධාන්ත වර්ධනය කරනු ලබනවා.. විද්‍යුත් යන්ත්‍රයක් භාව්තයෙන් එග්නිමා යන්ත්‍ර⁣යෙහි ක්‍රමය සොයාගැන්ම  ,පූර්ව යුධ බෝම්බ ක්‍රමය දියුණු කිරීම සම්බන්ධයෙන් මූලික වන මොහු යුද්ධය ජය ගැනීමට විශාල දායකත්වයක් සපයමින් යුරෝපීය හා ලෝකවාසී ම්ලීයන ගණනක ජීවිත බේරාගනු ලබනවා.. නූතනයේ පරිගණක.. ස්මාර්ට් ජංගම දුරකථන.. රොබෝ තාක්ෂණය... මේ සියල්ලටම හේතු වූ ⁣සිද්

මරණය සජීවීව....

බලල තියනවද SAW Movie Series එක..? American horror movies වලට ආස අයට නන් මේක මගහැරෙන්න විදියක් නෑ.. "මරණය උදෙසා සටන් කිරීම" චිත්‍රපටය  ගැන මෙහෙම අදහසක් දෙන්නන්කෝ.. දැනට චිත්‍රපට  8කින් සමන්විත මේ භයංකාර චිත්‍රපට  මාලාවේ පලමු කොටස SAW - James Wan , Leigh Whannell ගෙ අධ්‍යක්ෂනයෙන් twisted pictures නිෂ්පාදන දායකත්වයෙන් සුප්‍රසිද්ධ Lionsgate (Terminator චිත්‍රපට බෙදාහැරීමේ ආයතනය) සමාගමෙන් 2004 ඔක්තොම්බර් මාසෙ ලොවපුරා බෙදාහරිනවා.. චිත්‍රපටයෙ භයාංකාර බව වැඩිකරන්න මේ චිත්‍රපට පෙල ඒ කියන්නෙ චිත්‍රපට 8ම මෙයාලා release කරන්නේ ඔක්තොබර් මාසෙ Halloween රාත්‍රියට කලින් දවසෙ... ඒකත් වෙන චිත්‍රපට වල නොදකින විශෙශ්ෂත්වයක්..චිත්‍රපටය Box Office වාර්තා බිඳහෙලන්න සමත්වෙනවා.. හරි අපි එමු චිත්‍රපටයේ ඇතුලාන්තය ගැන කතාකරන්න.. කතාව මෙහෙමයි දිගහැරෙන්නෙ... මේක ගෙම් එකක් හරියටම කීවොත් මේක පරිගණක ක්‍රීඩාවක් වගේ.. හැබැයි ඔබ Mission එකෙන් දිනුවොත් විතරයි ඔබට ජීවත් වෙන්න වාසනාව හිම්වන්නෙ.. හරි මෙහෙම කියන්නන්කෝ.. මරණය උදෙසා සටන් වදින ක්‍රීඩාවක්.. චිත්‍රපටය පුරාවටම මේ ගෙම් එක මෙහෙයවන්නෙ "බොබී" කි