Skip to main content

Posts

Showing posts from December, 2018

උෘ බේබද්දෙක්ද ?

පට්ට අව්වක් ඒ අස්සෙ පට්ට හුළඟක්.. චාටර් වෙච්ච මූනූ වල පොස්ටර් වලින් නෑවුන බස් නැවතුමකට ගොඩවුනේ ඔලුව කර වෙන අව්වෙන් බේරෙන්න.. මාත් එක්කම චාටර් වෙවී කට්ට කන දෙන්නෙක් උන්ගෙ ලොක්කොන්ගෙ ඦන්ද පදනම ගැන හරි අපූරුවට කතාවක..! මාත් බස් එකක් එනකන් කියලා අඩ නින්දට ලාවට සෙට් වෙද්දිම මට ආවා ගඳක්..! මොකක්ද ටෙෘකන්ඩ ඒ..? ගලියක් නවත්තලා..! ගලියක්ද ඔව් ඔව් මං ඒකට ගලියක් කියල කියන්නෙ මට ඇහුන විදියට..! ඒකෙන් තමා මේ ගඳ..! අවුලක් නෑ ඒත් මහා ලොකු ගඳකුත් නෑ..! හිතුන විදියට ඒක මේ ළඟ ගෙදරකට අාපු එකක්..! මනුස්⁣සයෙක් බැස්ස..! මං මනුස්සයට "උෘ" කියලම කතා කරන්නන් උඔලගේ බසාවෙන්ම..! උෘ ගලි බවුසරේ ගෙදර ඇතුලට ගන්නවත් එක්කම ගෙදර ගෙට්ටුව ගාව නතරවුනා..! උෘ ඔතන් ආපු පත්තර කොලයක් දිගෑරලා ගත්තා බනිස් ගෙඩි දෙකක්..? ඔව්..! ලොකු බනිස් ගෙඩි දෙකක් උෘ එක පිම්මට ඒක කාගෙන ගියා..! ඒත් එක්කම උෘ වතුර එකක් අරන් බීලා ඒත් එක්කම අරක්කු කාලක් අරන්.. ඔව් බන් ගල් කාලක් තමා..! එක පිම්මට අමුවෙන්ම ගහගෙන ගියා.. අම්මට සිරි මාර ඩයල් එකක් මූ..! " බේබදු හැත්ත වැඩක් කරන්න ගියත් බොන් නැතුව බෑ.." ආහ් මං වගේම බස් නැවතුමේ හිටපු අනිත

ඩොලර් මිලියන 120 ක චිත්‍රයේ අරුම පුදුම කතාව - The Scream

( The Scream ) මොකක්ද මේ අරැම පුදුම කතාව? අපි නොදත් චිත්‍රයක අරුම පුදුම කතාව..? ඉහත රෑපය.. Whatsapp, Facebook හැම තැනකම තියන ජනප්‍රිය Emoji ය. මේ Emoji ය පිටිපස්සෙ හරි අරුම පුදුම කතාවක්, කලා ලෝකයේ විශිෂ්ට නිර්මාණයක් තියනවා කීවොත් ඔබ පුදුම වෙයි අනිවාර්යයෙන්ම.. Edvard Munch විසින් 1893 අඳිනු ලබන The Scream ( මොරගෑම ) යනුවෙන් හඳුන්වනු ලබන මේ චිත්‍රය නූතන කලාව තුල විශිෂ්ට සලකුණක් තබනවා.. ( Edward Munch - විකිපීඩියා ඇසුරිනි ) ( The Scream පැස්ටල් සිතුවම )  Arthur Lubow ට අනුව ( ජනමාධ්‍ය වේදී ) The Scream යනු නූතන සාහිත්‍යයේ මෝනාලීස යි. Edward පවසන විදියට තමන්ගෙ වචනවලින්ම මේ චිත්‍රය ඇඳීමට පාදක වෙන්නෙ මේ වගේ අදහසක්.. " එක හැන්දෑවක මම පාරක ඇවිදගෙන යනවා.. එක පැත්තක නගරයත් අනිත් පැත්තෙ කඳු අතරෙහි වූ පටු කලපුවත් තියනවා.. මට මහන්සියක් දැනෙනවා. මම නතරවෙලා බලනවා කලපුව දිහා..! අහසෙ වලාකුලු ලේ රතු පාටට හැරිලා..! මට දැනෙනවා ⁣පරිසරේම මොර දෙනවා ඇහෙනවා වගේ..." චිත්‍රය පිලිබඳ පර්යෙෂකයන් පිරිසකට අනුව Edward ⁣ගේ මේ චිත්‍රයට පාදක වෙන පරිසරය පිහිටන්නෙ නොර්වේ රාජ්‍යයේ ඔස