Skip to main content

Posts

Showing posts from May, 2017

වාඩිය...

හිරැ තම රශ්මි දාරාවන් පොලෝ තලයට හෙලමින් බැසයයි. වාඩියට ආ මුල්ම දවස්වල නම් මට මේ දර්ශනය අතිශය චමාත්කාරජනක මනස්කාන්ත විය. දැන්නන් මට එය මේ ලුණු පොලොවෙ වෙසෙන අනිකුත් ගෑණු මිනිස්සුන්ට මෙන්ම සමාන්‍ය දෙයකි. කොටින්ම එය හිරැ බැස යාමකි. මාලු සිලි ගඳ, කුරැල්ලන්ගෙ කෑ මොර දීම් , මේවා මාගේ ජීවිතය වී හමාරය. වාඩියෙ සිටින අනෙකුන් මෙන්ම මාද මෙහි පැමිණියේ ගෙදරට බරක් නොවී බැරි කමටය. ආ දින සිට යම් නියමිත රාජකාරි කොටසක් මට පැවරිණි. මාගේ රාජකාරිය නම් ඉතිරිවන කුඩා මාලූන් සුද්දකර එනම් උන්ගෙ පොතු, බොකු බඩවල්, ඉවත්කර වේලිමට සූදානම් කිරීමයි. වාඩියේ මෝටර් බොට්ටු දෙකක් ඇත.. වාරකන් කාලයට බෝට්ටු දෙකටම නිවී හැනහිල්ලක් නැත. ගොනුන් මෙන් හැල්මේ දියඹට යයි, ආපහු ගොඩට එයි... වාඩියේ වැඩ මෙසේම... "සුද්දෙ ඇතුලට වරෙන්" ඒ රත්නෙ අයියාය... රත්නෙ අයියා, ඔහු බොට්ටුවෙ ඩ්‍රැයිවර් මහතායි. මට වඩා අවුරැදු පහ හයක් වැඩි ඔහු කෙසඟ සිරැරක හිමිකරැවෙකි. ඉතා කුලුපගු රත්නෙ අයියා වාඩියෙ සියල්ලන්ගේම හිත දිනාගත් ප්‍රියමනාපම පුද්ගලයාය.. මාත් රත්නෙ අයියාත් හැරුණු කොට තව වාඩියේ හතර දෙනෙකි. සිරිසෝම අයියා, විජේපාල අයියා, මාරයා අයියා, ගුඩ්ඩ

ෆ්රයිඩ් රයිස්...

හවස් යාමයයි. මා වැව රවුමට ගියේ බස් එක එන්න තව පැය ගාණක් තිබෙන නිසාය. ඒ බස් එකේ ගියොත් ගෙදර ගාවින්ම බහින්ඩ පුලුවන්, හවසට වැව රවුම වෙනම පරිසරයකි. අමුතුම දේශගුණයක් බඳුය. සල්ලිකාර පුත්තුද, දූවරැද එමටය. එක් සල්ලිකාර දුවක් මා දෙස බලා කට කොනින් හිනාවිය. මගේ බාටා දෙක, දුර්වර්ණ කලිසම, nokia 1280 ෆෝන් එක, ඔව් මං දැක්කම හිනායනව. මෙවැනි තඹ සත බැලුම් මට හොඳින් හුරැය.. වෙලාව 5.15 යි.. බස් එක 6.30 ට, මං මනෝ ලොවකට පිවිසුණි. මහත්තයෝ මහත්තයෝ මට ඇහැරුණි. මා ඉදිරිපිට ගැහැනියෙකි. බෑලූ බැල්මට ඇය යාචක ගැහැණියකි. ඇය මට අත පෑවේ යමක් බලාපොරොත්තුවෙනි. මා මුදල් පසුම්බිය බැලීමි. Rs 200යි. එය මාගෙ බස් ප්‍රවේශ පත්‍රයේ ගානය. ඇය තවම මා දෙස අහිංසකව බලා සිටී. ගෙදර ගෙනියන්ඩ ගත්තු බත් එක, දෙනවද? නැද්ද? මට තණ්හාව පහල විය. රැ.300 ෆ්රයිඩ් රයිස් එක, අපරාදේ මේ ගෑණිට දෙන්නෙ.... සල්ලි නෑ. ඇයගේ මුහුණ අඳුරැ විය. මා පහුකර ඇය සෙමෙන් පා නැගීය. ඇයගේ කකුලේ තුවාලයක් හෝ හරිහැටි ඇවිදීමට බැරි අමාරැවකි. අවුරැදු 38ක පමණ පෙනුමැති ඇය මාගේ මෑණියන්ගේ වයසේ යැයි මට සිතුණි. මදක් දුර ගිය ඈ ගසක් අසල වාඩි වීය. ලමුන් දෙනෙනෙක් අැයගේ කර වටා වෙලුණි

කුරුණෑගල 2040

මට අසමෝදගම් බෝතලයක් අවශ්‍ය විය, මන්ද මගේ බඩ රිදෙමින් පැවතුණි. අසමෝදගම් බෝතලය , බෝතලය කීවාට එය ෂැශේ පැකැට්ටුවකි, ගාණ 480කි. මෙට්‍රො දුම්රියට නැගුන මා මාගේ ඉලෙක්ට්‍රොනික ගමන් ප්‍රවේශ පත්‍රය එහි scan යන්ත්‍රයට දික් කලෙමි. "සාදරයෙන් පිලි ගනිමු.. mr බුද්ධික විජේවර්ධන" ඒ මා හොඳින් අඳුරන මාගේ කුළුුපගු මිතුරියගේ කාරැණික කටහඬයි. "මල්කාන්ති"ඇය රොබෝ කාන්තාවකි. නමුදු ඇයට මිනිස්සුන්ට නැති ගතිගුණ සමූහයකි. මෙට්‍රොවේ දකුණු පස ජනේලයක් අසල අසුනක හරිබරි ගැසී ඉඳගත් මා ජනේලයෙන් පිටත බැලීමි. කොළඹ පාරේ shangila resedencies තට්ටු 43 බිල්ඩිමයි, ඒ ඉදිරිහෙි නවතා ඇති රතු පැහැති lamborghini aventador මාදිලියේ කාර්රථ කිහිපයකි. අනෙක් පස අලුතින් සෑදූ පොලිස් මුලස්ථාන ගොඩනැගිල්ලයි. සුවිසල් ගොඩනැගිලි මතින් මෙට්‍රොව වේගයෙන් ගමන් කරමින් තිබුණි. හදිසියේම මෙට්‍රොව නැවතිණු. දැන් අපට මෙට්‍රොවෙන් බැසීමට අවැසි නැත. ඒ drive in and get කලාපයයි. අපට අවශ්‍ය දේ  බසයේ සිටම ජනේලයෙන් පිටත ඇති ඉලෙක්ට්‍රොනික යන්ත්‍රයට මුදල් ගෙවා ලබා ගත හැක. මා මාගේ වාරය ආ පසු අසමෝදගම් පැකැට්ටුව ගතිමි. නැවතත් මෙට්‍රොව ධාවනය විය. දැ