Skip to main content

Posts

Showing posts from May, 2018

කැලේ නීතියට යටත් ඔක්කොම : පැලක රැයක්

සත්‍ය සිදුවීමක් ඇසුරිනි. වාඩියෙ අද සූදානම නන් වාඩියටම ගැලපෙන කතාවක් කියන්නයි.. කතාවක් කීවට මේක සාකච්ඡාවක්.. කතාව ගැන මෙහෙම කියමු. කියවන අයට මේක වෙනම ආතල් එකක් හැබැයි කතාවේ නායකයටනන් මේක ජීවිත සටනක් නැත්තන් ⁣යථාර්තයක්.. හරි! අපි දුර යන් නැතුව කතාවට එමුකො.. මේක මට මේ ළඟකදී අහම්බෙන් හම්බුන චාන්ස් එකක්.. මට මගෙ ළඟම යාලුවෙක් හොයල දුන්න අවස්ථාවක් මේක.. මාතෘකා⁣වේ විදියටම මේක පැලක ගෙවුන රැයක් ගැන කතාවක්.. තනියම නෙමෙි එක පුද්ගලයෙක් එක්ක.. අපි මෙයාව මාමා කියල හඳුන්වමු.. මේ මමා ගොවිතැන් කරන්නෙ.. මේ කියන පැල තියෙන්නෙ උතුරැ මැද පලාතේ එක් ප්‍රදේශයක. තැන හරියටම කියන්න තිබ්බා, මේක නීතියට පිටුපාලා කරන වැඩක් ⁣නෙවේනන්.. ⁣මහා රෑස්ස ගස් මැද්දෙන් ගල් තලා මැද්දෙන් වැටුන අඩි පාරක අවසානයෙ මමයි මගෙ යාලුවයි නතරවුනා. ඒ මෙතන ඉඳන් මට මඟපෙන්වන්න ඔහුට අසීරු නිසයි. මගෙ යාලුවා මාව කතාවෙ නායකයට , මාමට හඳුන්වල දුන්නට පස්සෙ මේ ගමන මං යන්නෙ මාමත් එක්ක.. යාලුවටත් සමු දුන්න මං මාමත් එක්ක දැන් ගමන යන ගමන්.. " මමා මේ මහ කැලේ ගොවිතැන් කරන්න අරන් කොච්චර කල්ද?" "මහත්තයො, මට මතක හැටියටනන් මං මේ කෑලැ කෙටිල්ල මට

සියදිවි නසාගැනීමට අවශ්‍යද? ලෝකයේ සියදිවි නසාගැනීමට ජනප්‍රිය ස්ථානයන්

සියදිවි නසාගැනීමට අවැසිද? සියවිදි නසාගැනීම නැත්නම් තමා විසින්ම තම දිවිය තොරකර ගැනීම, සියසියදිවිහානිකරගැනීම් බහුල සමයක එයට පූර්වාදර්ශයක් සපයන්න නෙමෙයි වාඩියෙ මේ සූදානම? නමුත් දන්නවද  ලොව පුරා විවිධ ජනප්‍රිය ස්ථානයන් පවතිනවා සියදිවිහානිකරගැනීම් වලටම.. අද ලිපිය ඒ ස්ථාන අතරින් කීපයක් ගැනයි. 5. Beachy Head, එංගලන්තය Beachy Head යනු හුණු (රටහුණු) වලින් සෑදූන තුඩුවක් වන අතර දකුණු සසෙක්ස් (East Sussex) හී පිහිටා තිබෙනවා. ස්වභාව ධර්මයේ අපූරූ නිර්මාණයක් ලෙස ලොවපුරා ජනප්‍රිය වූවත් එයටත් වඩා මෙම ස්ථානය ජනප්‍රිය වන්නේ පුද්ගලයන් සියවිදි නසාගැනීමට පැමිණෙන තැනක් විදියටයි. වාර්තාවන අන්දමට මෙම තුඩුවෙන් පැන  වසරකට මරණ 20 ක් පමණ සියදිවි හානිකරගැනීම් නිසා සිදුවන බව පැවසෙනවා. 1965 ත් 1979 ත් අතර කාලයේදී මෙම ස්ථානයේ මරණ 124 ක් වාර්තාවූ  අතර වර්තමානයේදී ⁣මෙම මරණ අවම කරගැනීමට හදිසි දුරකථන අංකයක්ද හඳුන්වාදී ඇති අතර මෙම තුඩුව අසල ⁣ගලවාගැනීවේ කණ්ඩායමක්ද නිරන්තරයෙන් රැඳී සිටිනවා.  4. Mount Mihara, ජපානය ජපානයේම තවත් එක් සියදිවි නසාගන්නා ස්ථානයක් ⁣වන මෙය 2,507ft උසක් ගන්නා