Skip to main content

සියදිවි නසාගැනීමට අවශ්‍යද? ලෝකයේ සියදිවි නසාගැනීමට ජනප්‍රිය ස්ථානයන්

සියදිවි නසාගැනීමට අවැසිද?


සියවිදි නසාගැනීම නැත්නම් තමා විසින්ම තම දිවිය තොරකර ගැනීම, සියසියදිවිහානිකරගැනීම් බහුල සමයක එයට පූර්වාදර්ශයක් සපයන්න නෙමෙයි වාඩියෙ මේ සූදානම? නමුත් දන්නවද  ලොව පුරා විවිධ ජනප්‍රිය ස්ථානයන් පවතිනවා සියදිවිහානිකරගැනීම් වලටම.. අද ලිපිය ඒ ස්ථාන අතරින් කීපයක් ගැනයි.

5. Beachy Head, එංගලන්තය



Beachy Head යනු හුණු (රටහුණු) වලින් සෑදූන තුඩුවක් වන අතර දකුණු සසෙක්ස් (East Sussex) හී පිහිටා තිබෙනවා.
ස්වභාව ධර්මයේ අපූරූ නිර්මාණයක් ලෙස ලොවපුරා ජනප්‍රිය වූවත් එයටත් වඩා මෙම ස්ථානය ජනප්‍රිය වන්නේ පුද්ගලයන් සියවිදි නසාගැනීමට පැමිණෙන තැනක් විදියටයි.

වාර්තාවන අන්දමට මෙම තුඩුවෙන් පැන  වසරකට මරණ 20 ක් පමණ සියදිවි හානිකරගැනීම් නිසා සිදුවන බව පැවසෙනවා. 1965 ත් 1979 ත් අතර කාලයේදී මෙම ස්ථානයේ මරණ 124 ක් වාර්තාවූ  අතර වර්තමානයේදී ⁣මෙම මරණ අවම කරගැනීමට හදිසි දුරකථන අංකයක්ද හඳුන්වාදී ඇති අතර මෙම තුඩුව අසල ⁣ගලවාගැනීවේ කණ්ඩායමක්ද නිරන්තරයෙන් රැඳී සිටිනවා. 

4. Mount Mihara, ජපානය


ජපානයේම තවත් එක් සියදිවි නසාගන්නා ස්ථානයක් ⁣වන මෙය 2,507ft උසක් ගන්නා අතරම සක්‍රීය ගිනිකන්දක්. 
මෙම ගනිකන්ද සුප්‍රසිද්ධ Godzilla චිත්‍රපටයේ දර්ශන තලයක්ද වනවා. මෙම ගිනිකන්දේ යමහල වර්ශ 1920 දී පටන් ජනප්‍රිය සියදිවිනසාගන්නා ස්ථානයක් ලෙස ප්‍රකට වන අතර එම වර්ශයේදී සතියකට එක් පුද්ගලයෙක් පමණ මෙහි යමහලට පැනීමෙන් තම දිව්ය තොරකරගනු ලැබුවා. ⁣

පුද්ගලයන් 600 අධික ප්‍රමාණයක් සියදිවි නසාගැනීම නිසා ජපන් රජය මෙහි කවාකාර මුදුන වටා ආවරණයක් ඉදිකරනු ලැබුවා

3. Golden Gate Bridge, එංගලන්තය

(යෙදූ ආවරණය)
(සියදිවි නසාගන්නන්ගේ සපත්තු)


2.7 කි.මී  දිගින් යුතු මෙම "රන් දොරටු" පාලම සැන් ෆ්රැන්සිස්කෝ (San Fransisco) කැලිෆෝනියා සහ මෙරීන් සිටි (Marin City) කැලිෆෝනියා  අතර පිහිටා තිබෙනවා. රන් දොරටුවක් වූවාට මෙය නම් මරණයෙ දොරටුවක් වශයෙන් තමයි සඳහන් වෙන්නෙ, එයට හේතුව වන්නෙත් සියවිදි හානිකරගන්නා තවත් පාලමක්⁣ ලෙස ජනප්‍රිය වීමයි.

වාර්තාවන අන්දමට 1500 කට අධික සියදිවි නසාගැනීම් ප්‍රමාණයක් මෙම පාලම මතින් සිදුව තිබෙනවා. එම ප්‍රමාණය දෙවෙනි ⁣වන්නෙ චීනයෙ Nanjing පාලමට පමණයි. ජලයේ සිට මීටර් 75 ක් උසින් පිහිටි මෙම පාලමේ තට්ටුවෙන් පනින්නන් තප්පර 4ක් තුල පැයට කි.මී 120 වේගයකින් ජලය මතට පතිතවෙනවා. සියදිවිනසාගැනීමට පනින්නන් අතර 95%ක් දෙනා මෙයින් ඇතිවන කම්පනය හේතුවෙන් මිය යන අතර අතර 5% ක් දෙනා ජලයේ ගිලීමෙන්  හා ජලයේ පවතින්නාවූ අධ්ක සීතල නිසා මිය යනවා. මේ මතින් සිදුවන ජීවිත හානි අධ්ක නිසාම 2017 වර්ෂයේදි පාලම දෙපසට ආවරණයක් යොදන්නත් සිදුවෙනවා.

2. Nanjing Yangtze පාලම, චීනය




සියදිවිහානිකරගැනීම් අති විශාල ප්‍රමාණයක් සිදුකරගන්නා ස්ථානයක් ලෙස ප්‍රකට මෙම Nanjing Yangtze පාලමෙහි උඩු කොටස අධීවේගි මාර්ගයක් ලෙසත් යට කොටස දුම්රිය මාර්ගයක් ලෙසත් තට්ටු දෙකකට සාදා ඇති අතර Pukou සහ Xiaguan හරහා Yangtze නදිය මතින් වැටී තිබෙනවා.

මෙම පාලම මතින් පැන මේ වන විට පුද්ගලයින් 2000 කට අධික පිරිසක් තම දිවි තොරකරගෙන තිබෙනවා. ⁣ චීන පොලිස් වාර්තාවන්ට අනුව අවුරැද්දකට 100ත් 200ත් අතර පිරිසක් සියදිවි නසාගැනීමට තරම් සියදිවි හානිකරගන්නන් අතර මෙම ස්ථානය ජනප්‍රියයි. තවද මෙම ස්ථානයේ සියදිවි නසාගන්නන් අතර බහුතරය ආදර සබඳතා, මූල්‍යමය ගැටලු, මානසික අබාධතා වැනි තත්වයන්යන්න් නිසා තම දිවිය තොරකරගැනීමට යොමුවී තිබෙනවා.

1. Aokigahara Forest, ජපානය




  ෆූජී (Fuji) ගිනිකන්දට මායිම්ව වර්ග කි⁣.මී 35 ක වපසරියකින් යුතු මෙම වනන්තරය ගිනිකඳු පිපුරුමෙන් ඇතිවූ ලාවා මතින් ගොඩ නැගී තිබෙනවා. සංචාරකයන් අතර සංචාරක තෝතැන්නක් වශයෙන්ද සියදිවිහානිකරගැනීම් වලට තෝතැන්නක් ලෙසද මෙම වනන්තරය ලොව ප්‍රකටය.

විටෙක Aokigahara වනන්තරය ජපානය තුල වැඩිම සියදිවි හානිකරගැනීම් සිදුවන ස්ථානය ලෙසට සැලකීය. වර්ශ 2002 දී ⁣වනාන්තරය තුලින් මලසිරුරු 78ක් පොලීසිය විසින් සොයාගත් අතර, 2003 දී එය මලසිරුරු 105 දක්වා වැඩිවී තිබෙනවා. පොලිස් වාර්තාවන්ට අනුව 2010 වසරේදී පමණක් මෙම වනන්තරය තුල 200 යකට වැඩි පිරිසක් තම දිවිය තොර කරගැනීමට උත්සහ දරා ඇති අතර එයින් 54 දෙනෙක් තම උත්සහය සාර්ථක කරගෙන තිබේ. එනම් තම දිවිය තොරකරගෙන තිබෙනවා. ජපන් මිත්‍යාවන්ට අනුව මෙම වනන්තරය මරණයේ භූතාත්මයන්ට නිවහන සේ සලකන අතර මෙයට ඇතුල්වන්නන් යම් භයාංකාර ශබ්ද, යමෙක් පසුපසින් ඒම වැනි අත්භූත ජනක සිද්ධීන් හට මුහුණ දී තිබේ.

ලොව මෙවැනි ස්ථානයන් කොතෙක් තිබුනද සියවිදි නසාගැනීම කියන්නේ වීරකමක් වත් ජයග්‍රහණයක්වත් නෙමෙයි.
⁣- බුද්ධික විජේවර්ධන

මූලාශ්‍ර :
Wikipedia.com
China.org
Youtube/top 10 scariest forest


Comments

Popular posts from this blog

මලයාලම් ආදරවන්තයෙක් වෙමුද? - කේරලය

මලයාලම් චිත්‍රපට බලන ඇත්තො ඉන්නවනේ. එහෙමත් නොකිය මෙහෙම කියමු. "මලයාලම් ආදරවන්තයො". ඔය Hollywood, Bollywood, Kollywood ඔය ඕන තරම් චිත්‍රපට ආවත් මලයාලම් එක චිත්‍රපටයක් බැලුවොත් නිතැතින්ම ඔහු මලයාලම් භාෂාවට පවා පෙම්බඳින්නෙක් වෙනව. මමත් එහෙම කෙනෙක්. ⁣මාව විශ්වාස නැත්තම් "Premam" "Charlie" මෙන්න මේ චිත්‍රපට දෙක විතරක් බලන්නකො. හරි අද කතාව මලයාලම් චිත්‍රපට ගැන නන් නෙමෙයි. මලයාලම් චිත්‍රපට බොහෝමයකට දර්ශන තලය වෙච්ච, මලයාලම් කතාකරන ඈයෝ ඉන්න ඉන්දියාවේ පරාදීසය "කේරලය" ගැනයි. කේරලය සැබැවින්ම පාරාදීසයක්. ඇවිදින්නෙකුගෙ එක සිහින ගමනාන්තයක්. අපි අද කතා කරමු කේරලය ගැන,  පොල් ගස් ගොඩාක් තියන, කඳු ගංඟා වැව් ගොඩකින් වටවෙච්ච මේ අපූරැ භූමියට පයතියල ගන්න පලවෙනි හුස්ම පොදෙන්  ඔබට දැනෙයි "ඔබ ජීවත්වෙනව" කියල. කේරලය මෙතරම් ලස්සන වෙන්න හේතුව මේ සුන්දර පරිසරයම තමා. ඒ සුන්දර පරිසරයම සුන්දර මිනිසුන්ව හදනවා. අන්න ඒ සුන්දර මිනිස්සු ඉන්න හින්දම කේරලය තමා ඉන්දියාවේ පිරිසිදුම ප්‍රාන්තය.  ⁣ "වැස්ස" , මලයාලම් චිත්‍රපට වලින් වැස්ස කියන දේ හ

Game Of trones දර්ශනතලය - මෝල්ටා

මෝල්ටාව (Malta)...                       මෝල්ටාව (Malta) නැත්නම්  මොල්ටා ජනරජය.. අහල තියෙනවද ? හැමෝගෙම උත්තරේ වේවී.. නෑ.. එහෙම රටක් තියනවද? තියනවා.. මේ ලොකේ අපි කොතෙකුත් අහල නැති, නොදන්න, නොගිය සුන්දරම රටවල් අතරින් එකක් මොල්ටාව... දකුණු යුරෝපයේ පිහිටි දූපත් රාජ්‍යයක් වන මොල්ටාව කිලෝමීටර් 333 ක් උතුරින් ලිබියාවටද, කිලෝමීටර් 80 ක් දකුණු දෙසින් ඉතාලියටද  වන පරිදි  පිහිටා ඇති අතර වර්ග කිලෝමීටර් 316ක වපසරියකින් යුක්තයි... ජනගහනය 450,000 අඩු මේ රට ලෝකයේ කූඩාම රටවල් අතරටත්, ජනගහනය අඩුම රටවල් අතරටත් ගැනෙනවා. රටේ ප්‍රධාන භාෂාවන් ලෙස Maltese සහ English භාවිතා වන අතර බහුතරය රෝමානු කතෝලිකයන් වනවා.. (මෝලටා හි ජාතික කොඩිය) රටේ අගනගරය වෙන්නෙ Valletta යි. වර්ග කිලෝමීටර් 0.8 වපසරියක් හෙබි ඉතාම කුඩා අගනුවරක් වල Valletta ව යූරෝපීය සංගම් රටවල් අතරින් කුඩාම අගනුවර වශයෙන් සැලකෙනව.. තවද UNESCO ව මගින් ලෝක උරුමයක් ලෙස නම් කර තිබෙනවා..  මෝල්ටාවට දීර්ඝ ඉතිහාසයක් ඇති අතර රටපුරා පෙෘරාණික ස්ථාන රාශියක් දැක ගත හැකියි... සෞම්‍ය දේශගුණයත්, සංචාරක ආකර්ශන රැසකුත් නිසා ජනප්‍රිය සංචාරක ස්ථානයක් ලෙස සැලක

සුදු ඇඳි කත

එකල මා උසස් පෙල විභාගය අහවර කර යම් නිදහසක් විඳි කාලයකි. කුඩා කල සිට තේ වත්තක වැඩ බලන්නෙකුගෙ රැකියාවක් කෙරෙහි ⁣නොනිමි අසාවෙන් පසු වූ මා එවැනි රැකියාවකට අයදුම් කර තිබුනි. එයද බලාපොරොත්තුවෙන් කාලය ගත කල මට දිනක් උදය වරුවේ ලියුම් කාරයාගේ බයිසිකල් හඬ ඇසුනි. "සිරිසෝම මහත්තයෝ මෙන්න පුතාගෙ නමට ලියුමක්" "පුතේ මෙන්න ලියුමක්, වැඩේ හරි ගිහින් වත්ද"  තාත්තා කියනු ඇසුනි. එය ඇල්කඩුව තේ කර්මාන්ත ශාලාවෙනි. ඔවුන් මා හට රැකියාව දීමට කැමැත්ත පල කර ඇත. නුවරඑළිය ප්‍රදේශයේ තේ වතු කිහිපයක වගකීම නැතොත් වැඩ බලාගැනීම මට පවරා ඇත. රැකියාවට අවැසි සියල්ලද ලකලෑස්ති කරගෙන ⁣නිවැසියන්ගෙන්ද සමුගෙන පසුදින උ⁣දයේම පොල්ගහවෙල දුම්රිය ස්ථානයෙන් නුවරඑළිය බලා දිවෙන දුම්රියකට නැග ගත් මට උදෑසන 11 පමණ වන ව්ට නුවරඑළිය දුම්රිය ස්ථානයෙන් ගමන කෙලවර කිරීමට හැකිවිය.   " මහත්තයා බෑග් එක දෙමු" නාට්ටාමි කෙනෙකුන් ළඟට පැමිණ බෑගය කරට ගත් අතර ඔහුගෙන්ම මා හට යාමට යුතු ලිපිනය සඳහන් ලිපිය පෙන්නා  "මේ ඇඩ්රස් එකට කොහොමද යන්නේ" ලිපිනය දෙස බලා මා වෙත මවිතයෙන් බෑලූ ඔහු  &q