Skip to main content

ඩොලර් මිලියන 120 ක චිත්‍රයේ අරුම පුදුම කතාව - The Scream

( The Scream )

මොකක්ද මේ අරැම පුදුම කතාව? අපි නොදත් චිත්‍රයක අරුම පුදුම කතාව..?


ඉහත රෑපය.. Whatsapp, Facebook හැම තැනකම තියන ජනප්‍රිය Emoji ය. මේ Emoji ය පිටිපස්සෙ හරි අරුම පුදුම කතාවක්, කලා ලෝකයේ විශිෂ්ට නිර්මාණයක් තියනවා කීවොත් ඔබ පුදුම වෙයි අනිවාර්යයෙන්ම..

Edvard Munch විසින් 1893 අඳිනු ලබන The Scream ( මොරගෑම ) යනුවෙන් හඳුන්වනු ලබන මේ චිත්‍රය නූතන කලාව තුල විශිෂ්ට සලකුණක් තබනවා..
( Edward Munch - විකිපීඩියා ඇසුරිනි )

( The Scream පැස්ටල් සිතුවම ) 

Arthur Lubow ට අනුව ( ජනමාධ්‍ය වේදී ) The Scream යනු නූතන සාහිත්‍යයේ මෝනාලීස යි. Edward පවසන විදියට තමන්ගෙ වචනවලින්ම මේ චිත්‍රය ඇඳීමට පාදක වෙන්නෙ මේ වගේ අදහසක්..

" එක හැන්දෑවක මම පාරක ඇවිදගෙන යනවා.. එක පැත්තක නගරයත් අනිත් පැත්තෙ කඳු අතරෙහි වූ පටු කලපුවත් තියනවා.. මට මහන්සියක් දැනෙනවා. මම නතරවෙලා බලනවා කලපුව දිහා..! අහසෙ වලාකුලු ලේ රතු පාටට හැරිලා..! මට දැනෙනවා ⁣පරිසරේම මොර දෙනවා ඇහෙනවා වගේ..."

චිත්‍රය පිලිබඳ පර්යෙෂකයන් පිරිසකට අනුව Edward ⁣ගේ මේ චිත්‍රයට පාදක වෙන පරිසරය පිහිටන්නෙ නොර්වේ රාජ්‍යයේ ඔස්ලො ප්දේශයෙයි.. තවත් පර්යේෂකයන් පිරිසකට මේ චිත්‍රයට පාදක වෙන පසුබිම වෙන්නෙ 1883 දී ඇති වෙච්ච Krakatoa ගිනි කඳු පිපිරුමෙන් පසුකාලීනව ඇතිවෙච්ච රතු පාට වලාකුලුයි.. නමුත් මේ තර්කය බොහෝ දෙනෙක් බැහැර⁣ කරනවා..

තවද Robert Rosenblum ට අනුව චිත්‍රයේ සිටින මොරගාන රුව Edward  1889 යේදී දැකපු මමියක රූපයක්.. නමුත් මේ තර්කයද බොහෝවිට බැහැර කෙරෙනවා..!

කෙසේ හෝ නූතන කලාව තුල විශිෂ්ට තැනක් උසුලන මෙම චිත්‍රයේ සඳහන් තම අත් ⁣වලින් දෙසවන් වසා සිටින රුව බොහෝ චිත්‍රපට වලට නාට්‍යමලා වලට , බොහෝ චිත්‍රවලට, Emoji වලට පාදක වෙන ප්‍රතිමූර්තියක් බවට පත් වෙනවා..! එයට හේතුව විදියට සඳහන් වන්නෙ මෙම මුහුණින් ගැබ්ව ඇත්තෙ  නූතනයේ මිනිසෙකු සතු අවුල් සහගත බවයි..!

Edward Munch විසින් The Scream චිත්‍රය හතර වතාවක් නැවත නැවත තීන්තයෙන් හා පැස්ටල් වලින් නිර්මාණය කරනවා.. පසු කාලීනව ඇමරිකානු ඩොලර් මිලියන 120 ක වෙන්දේසි වන්නේ The Scream පැස්ටල් මාධ්‍ය චිත්‍රයයි..! 1994 දීත් 2004 දීත් සොරාගැනීමට ලක්වන මෙම චිත්‍රයන් මේ වන විට ඔස්ලො ජාතික චිත්‍ර තොගයෙහි ප්‍රදර්ශනයට තබා ඇත..!

තවමත් විවිධ අදහස් විවිධ තර්ක මෙම චිත්‍රය පිලිබඳ ඉදිරිපත් වන නමුත් මෙම චිත්‍රය ලෝක කලා සාහිත්‍යය තුල නොමැකෙන ස්ථානයක් රඳවාගෙන තිබෙනවාට කිසිඳු සැකයක් නැත..

- බුද්ධික විජේවර්ධන

Comments

Popular posts from this blog

මලයාලම් ආදරවන්තයෙක් වෙමුද? - කේරලය

මලයාලම් චිත්‍රපට බලන ඇත්තො ඉන්නවනේ. එහෙමත් නොකිය මෙහෙම කියමු. "මලයාලම් ආදරවන්තයො". ඔය Hollywood, Bollywood, Kollywood ඔය ඕන තරම් චිත්‍රපට ආවත් මලයාලම් එක චිත්‍රපටයක් බැලුවොත් නිතැතින්ම ඔහු මලයාලම් භාෂාවට පවා පෙම්බඳින්නෙක් වෙනව. මමත් එහෙම කෙනෙක්. ⁣මාව විශ්වාස නැත්තම් "Premam" "Charlie" මෙන්න මේ චිත්‍රපට දෙක විතරක් බලන්නකො. හරි අද කතාව මලයාලම් චිත්‍රපට ගැන නන් නෙමෙයි. මලයාලම් චිත්‍රපට බොහෝමයකට දර්ශන තලය වෙච්ච, මලයාලම් කතාකරන ඈයෝ ඉන්න ඉන්දියාවේ පරාදීසය "කේරලය" ගැනයි. කේරලය සැබැවින්ම පාරාදීසයක්. ඇවිදින්නෙකුගෙ එක සිහින ගමනාන්තයක්. අපි අද කතා කරමු කේරලය ගැන,  පොල් ගස් ගොඩාක් තියන, කඳු ගංඟා වැව් ගොඩකින් වටවෙච්ච මේ අපූරැ භූමියට පයතියල ගන්න පලවෙනි හුස්ම පොදෙන්  ඔබට දැනෙයි "ඔබ ජීවත්වෙනව" කියල. කේරලය මෙතරම් ලස්සන වෙන්න හේතුව මේ සුන්දර පරිසරයම තමා. ඒ සුන්දර පරිසරයම සුන්දර මිනිසුන්ව හදනවා. අන්න ඒ සුන්දර මිනිස්සු ඉන්න හින්දම කේරලය තමා ඉන්දියාවේ පිරිසිදුම ප්‍රාන්තය.  ⁣ "වැස්ස" , මලයාලම් චිත්‍රපට වලින් වැස්ස කියන දේ හ

Game Of trones දර්ශනතලය - මෝල්ටා

මෝල්ටාව (Malta)...                       මෝල්ටාව (Malta) නැත්නම්  මොල්ටා ජනරජය.. අහල තියෙනවද ? හැමෝගෙම උත්තරේ වේවී.. නෑ.. එහෙම රටක් තියනවද? තියනවා.. මේ ලොකේ අපි කොතෙකුත් අහල නැති, නොදන්න, නොගිය සුන්දරම රටවල් අතරින් එකක් මොල්ටාව... දකුණු යුරෝපයේ පිහිටි දූපත් රාජ්‍යයක් වන මොල්ටාව කිලෝමීටර් 333 ක් උතුරින් ලිබියාවටද, කිලෝමීටර් 80 ක් දකුණු දෙසින් ඉතාලියටද  වන පරිදි  පිහිටා ඇති අතර වර්ග කිලෝමීටර් 316ක වපසරියකින් යුක්තයි... ජනගහනය 450,000 අඩු මේ රට ලෝකයේ කූඩාම රටවල් අතරටත්, ජනගහනය අඩුම රටවල් අතරටත් ගැනෙනවා. රටේ ප්‍රධාන භාෂාවන් ලෙස Maltese සහ English භාවිතා වන අතර බහුතරය රෝමානු කතෝලිකයන් වනවා.. (මෝලටා හි ජාතික කොඩිය) රටේ අගනගරය වෙන්නෙ Valletta යි. වර්ග කිලෝමීටර් 0.8 වපසරියක් හෙබි ඉතාම කුඩා අගනුවරක් වල Valletta ව යූරෝපීය සංගම් රටවල් අතරින් කුඩාම අගනුවර වශයෙන් සැලකෙනව.. තවද UNESCO ව මගින් ලෝක උරුමයක් ලෙස නම් කර තිබෙනවා..  මෝල්ටාවට දීර්ඝ ඉතිහාසයක් ඇති අතර රටපුරා පෙෘරාණික ස්ථාන රාශියක් දැක ගත හැකියි... සෞම්‍ය දේශගුණයත්, සංචාරක ආකර්ශන රැසකුත් නිසා ජනප්‍රිය සංචාරක ස්ථානයක් ලෙස සැලක

සුදු ඇඳි කත

එකල මා උසස් පෙල විභාගය අහවර කර යම් නිදහසක් විඳි කාලයකි. කුඩා කල සිට තේ වත්තක වැඩ බලන්නෙකුගෙ රැකියාවක් කෙරෙහි ⁣නොනිමි අසාවෙන් පසු වූ මා එවැනි රැකියාවකට අයදුම් කර තිබුනි. එයද බලාපොරොත්තුවෙන් කාලය ගත කල මට දිනක් උදය වරුවේ ලියුම් කාරයාගේ බයිසිකල් හඬ ඇසුනි. "සිරිසෝම මහත්තයෝ මෙන්න පුතාගෙ නමට ලියුමක්" "පුතේ මෙන්න ලියුමක්, වැඩේ හරි ගිහින් වත්ද"  තාත්තා කියනු ඇසුනි. එය ඇල්කඩුව තේ කර්මාන්ත ශාලාවෙනි. ඔවුන් මා හට රැකියාව දීමට කැමැත්ත පල කර ඇත. නුවරඑළිය ප්‍රදේශයේ තේ වතු කිහිපයක වගකීම නැතොත් වැඩ බලාගැනීම මට පවරා ඇත. රැකියාවට අවැසි සියල්ලද ලකලෑස්ති කරගෙන ⁣නිවැසියන්ගෙන්ද සමුගෙන පසුදින උ⁣දයේම පොල්ගහවෙල දුම්රිය ස්ථානයෙන් නුවරඑළිය බලා දිවෙන දුම්රියකට නැග ගත් මට උදෑසන 11 පමණ වන ව්ට නුවරඑළිය දුම්රිය ස්ථානයෙන් ගමන කෙලවර කිරීමට හැකිවිය.   " මහත්තයා බෑග් එක දෙමු" නාට්ටාමි කෙනෙකුන් ළඟට පැමිණ බෑගය කරට ගත් අතර ඔහුගෙන්ම මා හට යාමට යුතු ලිපිනය සඳහන් ලිපිය පෙන්නා  "මේ ඇඩ්රස් එකට කොහොමද යන්නේ" ලිපිනය දෙස බලා මා වෙත මවිතයෙන් බෑලූ ඔහු  &q