Skip to main content

උෘ බේබද්දෙක්ද ?


පට්ට අව්වක් ඒ අස්සෙ පට්ට හුළඟක්.. චාටර් වෙච්ච මූනූ වල පොස්ටර් වලින් නෑවුන බස් නැවතුමකට ගොඩවුනේ ඔලුව කර වෙන අව්වෙන් බේරෙන්න.. මාත් එක්කම චාටර් වෙවී කට්ට කන දෙන්නෙක් උන්ගෙ ලොක්කොන්ගෙ ඦන්ද පදනම ගැන හරි අපූරුවට කතාවක..! මාත් බස් එකක් එනකන් කියලා අඩ නින්දට ලාවට සෙට් වෙද්දිම මට ආවා ගඳක්..! මොකක්ද ටෙෘකන්ඩ ඒ..?

ගලියක් නවත්තලා..! ගලියක්ද ඔව් ඔව් මං ඒකට ගලියක් කියල කියන්නෙ මට ඇහුන විදියට..! ඒකෙන් තමා මේ ගඳ..! අවුලක් නෑ ඒත් මහා ලොකු ගඳකුත් නෑ..!

හිතුන විදියට ඒක මේ ළඟ ගෙදරකට අාපු එකක්..! මනුස්⁣සයෙක් බැස්ස..! මං මනුස්සයට "උෘ" කියලම කතා කරන්නන් උඔලගේ බසාවෙන්ම..! උෘ ගලි බවුසරේ ගෙදර ඇතුලට ගන්නවත් එක්කම ගෙදර ගෙට්ටුව ගාව නතරවුනා..! උෘ ඔතන් ආපු පත්තර කොලයක් දිගෑරලා ගත්තා බනිස් ගෙඩි දෙකක්..? ඔව්..! ලොකු බනිස් ගෙඩි දෙකක් උෘ එක පිම්මට ඒක කාගෙන ගියා..! ඒත් එක්කම උෘ වතුර එකක් අරන් බීලා ඒත් එක්කම අරක්කු කාලක් අරන්.. ඔව් බන් ගල් කාලක් තමා..! එක පිම්මට අමුවෙන්ම ගහගෙන ගියා.. අම්මට සිරි මාර ඩයල් එකක් මූ..!

" බේබදු හැත්ත වැඩක් කරන්න ගියත් බොන් නැතුව බෑ.."
ආහ් මං වගේම බස් නැවතුමේ හිටපු අනිත් මහත්වරු දෙන්නත් ඩයල් එක දිහා බලන්.

ඒත් එක්කම මූ තවත් බීම බටයක් අරන් වතුර බෝතලේක මුඩිය ඇරල ඒකට බීම බටයක් දැම්ම..! ඒ ගමන්ම මූ ගෙදර ඇතුලට ගියා..! ගෙට්ටුව වැහුනා..!

බස් එකක් තවත් නෑ..! මං තාමත් බස් නැවතුමේ.. මාත් එක්ක හිටපු අනිත් මහත්වරු දෙන්නටනන් බස් එකක් අාවා..!

ගේට්ටුව ඇරුනා..! අර ගෙදරද? ඔව් ඒ ගෙදර තමා..! ගලි බවුසරේ ගියා..! කෝ අර ඩයල් එක..? මෙන්න ආවා එතකොටම.? හැබැයි ⁣ඇඳුම වෙනස්..! නාගෙන කරගෙන මනුස්සයා පිලිවෙලකට ඇඳගෙන.. ඒ වුනාට හංගන්න බැරි විඩාව "උෘ" ගේ මූණ අැතුලෙන් පේනවා..! උෘ ආවෙත් මං හිටපු තැනටමයි..! මං හිතන්නෙ උෘ යන්නෙත් මං යන පැත්තටමයි. මට ඒක වැඩක් නෑනේ..! ඒත් මට හිතුනා මිනිහත් එක්ක කයියක් දාන්න.

"මොකද වැඩ ඉවර වෙලා ගෙදර යන ගමන්ද..?

"ඔව් මල්ලි මේ යන්න කියල..!"

මනුස්සයට හිතෙන් නැති මමත් චාටර් කන උගේම පන්තියේ එකෙක්ම තමයි කියල.. ඒක හන්දම මනුස්සයා මට මල්ලි කියලම කතාකලා..!

" මේ දවස්වල නන් එපා වෙනව නේද? සැරම අව්ව..? "

" මේ දවස්වලට කොහොමත් එහෙමනේ.."

මං දන්නවා මේ මනුස්සයගෙ රස්සාව.. මට කෙලින්ම දැනගන්න ඕන කොහොමද ඒ අත්දැකීම කියල..! මොකද මං කලින් දවසක කීවා වගේ මං අත්දැකීම් පස්සෙ යන ජීවිතේ විදීන එකෙක්..! හැබැයි මට කෙලින්ම එන්න බෑ..! මොකටද? කතාවට බන්..?

ඒත් මං ඇහුවා ⁣ මෙහෙම..?

" මේ රස්සාව අමාරු නැද්ද අයියේ ඉතිං..? "

⁣කින්ඩියට වගේ මට හිනාවක් දාලා මනුස්සයා පටන්ගත්තා මෙහෙම..!

"මල්ලි මේකනෙ කරනවට කරනවා කියන්නත් බෑ මේක නොකරත් බෑ මේක..! මහ ලොකු ගානක් හම්බ නැතිවුනාට මේක අපි නොකරොත් මේ ටවුන් කොච්චර කැත වෙයිද..? කොච්චර ගඳ ගහයිද..? ඉතිං අපි මේව කරන්නම ඕන අපියි මේ මහත්තලැයි ජීවත් වෙන්න ඕන හන්ද..!"

ඔව් උෘ කියන එක ඇත්ත මේ අය එක දවසක් ලංකාවෙම වැඩ නැවැත්තුවොත් දොස්තර වරු ඉස්පිරිතාලවලට යයිද වැඩකරන්න..! ඉස්කෝල මෙහෙම තියෙයිද..? කොච්චර නන් ගඳ ගහයිද මේ ලංකාව..?

" දවල්ට කලා එහෙමද දැන්.." මං ඇහුවේ අහන්න දෙයක් නැතිහන්ද..?

උෘ අයෙත් මට කින්ඩියට වගේ හිනාවක් දාලා කීවේ
" අපි කන්නේ ඒක වේලයි මල්ලි.." අය ඉතිං හෙට උදේට තමා කියල.!

මං ඇහුව
"ඇයි ඒ..?"

⁣"මේ රස්සාවේ හැට් මල්ලි..! කොච්චර තාක්ෂණය තිබ්බත් කස්කුස්සි වලවල් වලට ඒවා වැඩක් නෑ.. ගලියේ බට ගහන්නත් මොනා කරන්නත් හිරවෙච්ච ජරාව අයින් කරල තමා බට ගහන්න ඕන.. කොහොමත් වලට බහින්නම වෙනවා..! මල්ලි මගේ රස්සාවත් දන්න එකේ මං ගෙට්ටුව ගාව ඉඳන් කාපු බීපු හැටි දකින්න ඇතිනෙ.. එහෙම තමයි වලකට බහින්න කලින් මොනා හරි කනවා..! ඒත් එක්කම අරක්කු කාලක් ගහල වලට බහිනවා.. එච්චර තමයි දවසටම.. මැද්දෙන් වතුර බෝතලේකට බීම බටයක් දාගෙන ඒකෙන් වතුර ටිකක් බොනවා.  ⁣කන්න හිතුනට කන්න බෑ.. ඒ තරම් අප්පිරියයි මේක.. ඉතිං අරක්කු කාලක්ම රෑට ගහනවා බඩගිනි එන් නැති වෙන්න.. හොඳට වැටිලා නිදාගන්න..! උදේම අයෙත් වැඩ..! "

ආහ්..! උඔලට නිකමට හිතුනද ඒ මොන රස්සාද කියල..? ඔව් මචං අපි කන්නෙ චා⁣ටර් නෙමෙයි.. උෘ යි චාටර් කන්නේ.. උනුයි චාටර් කන්නෙ.. මං මොකුත් කීවේ නෑ එතනින් එහාට..! මොකද මගේ කටේ වචන නෑ.. මට හිතුන එකම දේ අර මහත්තුරු දෙන්නා කීව විදියට

"උෘ බේබද්දෙක්ද..?"

- බුද්ධික විජේවර්ධන

Comments

Popular posts from this blog

මලයාලම් ආදරවන්තයෙක් වෙමුද? - කේරලය

මලයාලම් චිත්‍රපට බලන ඇත්තො ඉන්නවනේ. එහෙමත් නොකිය මෙහෙම කියමු. "මලයාලම් ආදරවන්තයො". ඔය Hollywood, Bollywood, Kollywood ඔය ඕන තරම් චිත්‍රපට ආවත් මලයාලම් එක චිත්‍රපටයක් බැලුවොත් නිතැතින්ම ඔහු මලයාලම් භාෂාවට පවා පෙම්බඳින්නෙක් වෙනව. මමත් එහෙම කෙනෙක්. ⁣මාව විශ්වාස නැත්තම් "Premam" "Charlie" මෙන්න මේ චිත්‍රපට දෙක විතරක් බලන්නකො. හරි අද කතාව මලයාලම් චිත්‍රපට ගැන නන් නෙමෙයි. මලයාලම් චිත්‍රපට බොහෝමයකට දර්ශන තලය වෙච්ච, මලයාලම් කතාකරන ඈයෝ ඉන්න ඉන්දියාවේ පරාදීසය "කේරලය" ගැනයි. කේරලය සැබැවින්ම පාරාදීසයක්. ඇවිදින්නෙකුගෙ එක සිහින ගමනාන්තයක්. අපි අද කතා කරමු කේරලය ගැන,  පොල් ගස් ගොඩාක් තියන, කඳු ගංඟා වැව් ගොඩකින් වටවෙච්ච මේ අපූරැ භූමියට පයතියල ගන්න පලවෙනි හුස්ම පොදෙන්  ඔබට දැනෙයි "ඔබ ජීවත්වෙනව" කියල. කේරලය මෙතරම් ලස්සන වෙන්න හේතුව මේ සුන්දර පරිසරයම තමා. ඒ සුන්දර පරිසරයම සුන්දර මිනිසුන්ව හදනවා. අන්න ඒ සුන්දර මිනිස්සු ඉන්න හින්දම කේරලය තමා ඉන්දියාවේ පිරිසිදුම ප්‍රාන්තය.  ⁣ "වැස්ස" , මලයාලම් චිත්‍රපට වලින් වැස්ස කියන දේ හ

Game Of trones දර්ශනතලය - මෝල්ටා

මෝල්ටාව (Malta)...                       මෝල්ටාව (Malta) නැත්නම්  මොල්ටා ජනරජය.. අහල තියෙනවද ? හැමෝගෙම උත්තරේ වේවී.. නෑ.. එහෙම රටක් තියනවද? තියනවා.. මේ ලොකේ අපි කොතෙකුත් අහල නැති, නොදන්න, නොගිය සුන්දරම රටවල් අතරින් එකක් මොල්ටාව... දකුණු යුරෝපයේ පිහිටි දූපත් රාජ්‍යයක් වන මොල්ටාව කිලෝමීටර් 333 ක් උතුරින් ලිබියාවටද, කිලෝමීටර් 80 ක් දකුණු දෙසින් ඉතාලියටද  වන පරිදි  පිහිටා ඇති අතර වර්ග කිලෝමීටර් 316ක වපසරියකින් යුක්තයි... ජනගහනය 450,000 අඩු මේ රට ලෝකයේ කූඩාම රටවල් අතරටත්, ජනගහනය අඩුම රටවල් අතරටත් ගැනෙනවා. රටේ ප්‍රධාන භාෂාවන් ලෙස Maltese සහ English භාවිතා වන අතර බහුතරය රෝමානු කතෝලිකයන් වනවා.. (මෝලටා හි ජාතික කොඩිය) රටේ අගනගරය වෙන්නෙ Valletta යි. වර්ග කිලෝමීටර් 0.8 වපසරියක් හෙබි ඉතාම කුඩා අගනුවරක් වල Valletta ව යූරෝපීය සංගම් රටවල් අතරින් කුඩාම අගනුවර වශයෙන් සැලකෙනව.. තවද UNESCO ව මගින් ලෝක උරුමයක් ලෙස නම් කර තිබෙනවා..  මෝල්ටාවට දීර්ඝ ඉතිහාසයක් ඇති අතර රටපුරා පෙෘරාණික ස්ථාන රාශියක් දැක ගත හැකියි... සෞම්‍ය දේශගුණයත්, සංචාරක ආකර්ශන රැසකුත් නිසා ජනප්‍රිය සංචාරක ස්ථානයක් ලෙස සැලක

සුදු ඇඳි කත

එකල මා උසස් පෙල විභාගය අහවර කර යම් නිදහසක් විඳි කාලයකි. කුඩා කල සිට තේ වත්තක වැඩ බලන්නෙකුගෙ රැකියාවක් කෙරෙහි ⁣නොනිමි අසාවෙන් පසු වූ මා එවැනි රැකියාවකට අයදුම් කර තිබුනි. එයද බලාපොරොත්තුවෙන් කාලය ගත කල මට දිනක් උදය වරුවේ ලියුම් කාරයාගේ බයිසිකල් හඬ ඇසුනි. "සිරිසෝම මහත්තයෝ මෙන්න පුතාගෙ නමට ලියුමක්" "පුතේ මෙන්න ලියුමක්, වැඩේ හරි ගිහින් වත්ද"  තාත්තා කියනු ඇසුනි. එය ඇල්කඩුව තේ කර්මාන්ත ශාලාවෙනි. ඔවුන් මා හට රැකියාව දීමට කැමැත්ත පල කර ඇත. නුවරඑළිය ප්‍රදේශයේ තේ වතු කිහිපයක වගකීම නැතොත් වැඩ බලාගැනීම මට පවරා ඇත. රැකියාවට අවැසි සියල්ලද ලකලෑස්ති කරගෙන ⁣නිවැසියන්ගෙන්ද සමුගෙන පසුදින උ⁣දයේම පොල්ගහවෙල දුම්රිය ස්ථානයෙන් නුවරඑළිය බලා දිවෙන දුම්රියකට නැග ගත් මට උදෑසන 11 පමණ වන ව්ට නුවරඑළිය දුම්රිය ස්ථානයෙන් ගමන කෙලවර කිරීමට හැකිවිය.   " මහත්තයා බෑග් එක දෙමු" නාට්ටාමි කෙනෙකුන් ළඟට පැමිණ බෑගය කරට ගත් අතර ඔහුගෙන්ම මා හට යාමට යුතු ලිපිනය සඳහන් ලිපිය පෙන්නා  "මේ ඇඩ්රස් එකට කොහොමද යන්නේ" ලිපිනය දෙස බලා මා වෙත මවිතයෙන් බෑලූ ඔහු  &q