මට අසමෝදගම් බෝතලයක් අවශ්‍ය විය, මන්ද මගේ බඩ රිදෙමින් පැවතුණි. අසමෝදගම් බෝතලය , බෝතලය කීවාට එය ෂැශේ පැකැට්ටුවකි, ගාණ 480කි. මෙට්‍රො දුම්රියට නැගුන මා මාගේ ඉලෙක්ට්‍රොනික ගමන් ප්‍රවේශ පත්‍රය එහි scan යන්ත්‍රයට දික් කලෙමි.
"සාදරයෙන් පිලි ගනිමු.. mr බුද්ධික විජේවර්ධන"
ඒ මා හොඳින් අඳුරන මාගේ කුළුුපගු මිතුරියගේ කාරැණික කටහඬයි. "මල්කාන්ති"ඇය රොබෝ කාන්තාවකි. නමුදු ඇයට මිනිස්සුන්ට නැති ගතිගුණ සමූහයකි.
මෙට්‍රොවේ දකුණු පස ජනේලයක් අසල අසුනක හරිබරි ගැසී ඉඳගත් මා ජනේලයෙන් පිටත බැලීමි. කොළඹ පාරේ shangila resedencies තට්ටු 43 බිල්ඩිමයි, ඒ ඉදිරිහෙි නවතා ඇති රතු පැහැති lamborghini aventador මාදිලියේ කාර්රථ කිහිපයකි. අනෙක් පස අලුතින් සෑදූ පොලිස් මුලස්ථාන ගොඩනැගිල්ලයි. සුවිසල් ගොඩනැගිලි මතින් මෙට්‍රොව වේගයෙන් ගමන් කරමින් තිබුණි. හදිසියේම මෙට්‍රොව නැවතිණු. දැන් අපට මෙට්‍රොවෙන් බැසීමට අවැසි නැත. ඒ drive in and get කලාපයයි. අපට අවශ්‍ය දේ බසයේ සිටම ජනේලයෙන් පිටත ඇති ඉලෙක්ට්‍රොනික යන්ත්‍රයට මුදල් ගෙවා ලබා ගත හැක. මා මාගේ වාරය ආ පසු අසමෝදගම් පැකැට්ටුව ගතිමි.
නැවතත් මෙට්‍රොව ධාවනය විය. දැන් එය යන්නේ majestic city complex සාප්පු සංකීර්ණය අසලිනි...
"සුහදේ මට සීතල පවා, හිමි බුදුගුණ" ඒ බණ්ඩාගේ කඩයයි. වැඩි තදබදයක් නැති මිනිසුන් එහි ඇතුලත ආහාර ගනී. imperial the i max theater, universal studios පසු කර මෙට්‍රොව වේගයෙන් ධාවනය වෙයි.
Iraj live in kurunegala race course, ඒ පාරේ අසල සවි කර ඇති iraj ගෙ සංගීත ප්‍රසංයක විශාල 5k තිරයකි.
"mr. බුද්ධික විජේවර්ධන , ඔබගේ ගමනාන්තයට තව මිනිත්තු පහයි"
මට නොදැනීම මා ගෙදර අසලටම පැමිණ ඇත. දැන් බඩේ අමාරැවද පහව ගොස් සෙයකි. මෙට්‍රොව නැවතිණි.
"ස්තුතියි මල්කාන්ති"
"බොහොම ස්තුතියි"
...........
- බුද්ධික විජේවර්ධන
Comments
Post a Comment