Skip to main content

සමලිංගිකත්වය ,ඇපල්, සහ පරිගණකය

මාතෘකාව වැ⁣ටහේවි.. අවසානය වෙනකන් කියවන්න..
ඇලන් මැතිසන් ටියුරින්... ඇලන් ටියුරින්..
1912 ජූනි 23 වෙනි දින එංගලන්තයේ ලන්ඩන් නුවර උපත ලබන මොහු, නූතන පරිගණක විද්‍යාවේ පියා වශයෙන් හැඳින්වෙනවා..

ඇලන් ටියුරින් පරිගණකය වර්ධනය කිරීමෙහිල අතිශය සාධනීය බලගතු කාර්යයන් සිදුකරනවා.. මොහු විසින් පරිගණක අකෘතියක් වන ඇල්ගොරිතම හා ටියුරින් යන්ත්‍රය සමග ගණනය කීරීම් සිදුකරනවා... මොහු නොසිටින්නට, නූතන විද්‍යාවෙ විස්මයක් වන කෘතිය බුද්ධියක් යන වචනය නෑසෙන්නට තිබුනා..
දෙවන ලෝක යුද්ධ සමය.. ඇලන් බ්‍රිතාන්‍ය කේත මධ්‍යස්ථානයට තම සේවය සපයනවා. මෙහිදී ඇලන් විසින් ජර්මානු නාවික ගවේෂණ හී බලවත්ම සාධකය වූ හට් 8 පිලිබඳව වගකීම බාරගන්නා අතර ජර්මානු "කේතු යකා" (ciphers) බිඳහෙලීමේ සිද්ධාන්ත වර්ධනය කරනු ලබනවා.. විද්‍යුත් යන්ත්‍රයක් භාව්තයෙන් එග්නිමා යන්ත්‍ර⁣යෙහි ක්‍රමය සොයාගැන්ම  ,පූර්ව යුධ බෝම්බ ක්‍රමය දියුණු කිරීම සම්බන්ධයෙන් මූලික වන මොහු යුද්ධය ජය ගැනීමට විශාල දායකත්වයක් සපයමින් යුරෝපීය හා ලෝකවාසී ම්ලීයන ගණනක ජීවිත බේරාගනු ලබනවා..

නූතනයේ පරිගණක.. ස්මාර්ට් ජංගම දුරකථන.. රොබෝ තාක්ෂණය... මේ සියල්ලටම හේතු වූ ⁣සිද්ධාන්ත හී පියා වූ මොහුට සමාජ මතය, නීතිය විසින් අකුල් හෙලනු ලබනවා. හේතුව ප්‍රසිද්ධියේ සමලිංගික හැසිරීම්.. 1952 ජනවාරියේදී 39 හැව්රිදි ඇලන් 19 හැවිරිදි  අර්නෝල්ඩ් මරේ සමග සමලිංගිකව හැසිරීම සම්බන්ධයෙන් සිර බාරයට ගන්නවා. (එකල යමි අපරාධයක් සම්බන්ධයෙන් ඇලන් පොලීසියට  පැමිණිල්ලක් කරන සමයක්) එකල බ්‍රිතාන්‍ය නීතියට අනුව තමාට උපතින් හිමිවූ සමගිංගික හැඟීම් මහා අක්‍රමිකතාවක්, සාපරාධී ක්‍රියාවක් සේ සලකනු ලැබුව...මේ හේතුව නිසා 1952 දී Labouchere සංශෝධනය යටතේ නඩු පැවරෙනවා... හිම්වන දඩුවම ජීව්ත කාලය පුරාවටම රසායනික කැල්ටරියන් එන්නත් කිරීම.

ඔහුගෙ නඩුවේදී ඔහුට තම උපතින් හිමිවූ ස්වාභාවය පිලිබඳව සාක්ෂි, කරැණු සඳහන් කිරීමටවත් අධිකරණය විසින් ඔහුට අයිතිය නොදෙනවා... ඒ අනුව දඩුවම වූ රසායනික එන්නත් කිරීමට අනුව හෝමෝන ලෙස කෘතිම ඊස්ට්‍රජන් (Synthetic oestrogen) අවුරැද්දක් පුරා එන්නත් කරනු ලබනවා.. මෙසේ මහා බ්‍රිතාන්‍ය අධිකරණ වදහිංසා වලට ලක්වූ ඇලන් 1954 ජනවාරි 8වන දින, ඇලන්ගෙ 42 උපන්දිනයට දින 16 පෙර දිනයේදී  සියදිවි (Suicide) හානි කරගන්නවා.. මරණයය හේතුව සයනයිඩ් විෂවීමක් කියල හොයාගන්නවා..

ඇලන්ගෙ මලසිරුර සොයාගත් තැන තිබිල භාගයක් කාපු ඇපල් ගෙඩියක් හම්බෙනවා... ⁣මේ සිද්ධිය පාදක කොටගෙන මේ මහා පරිගණක විද්‍යාඥයට, දාර්ශනිකයට, ගව්රවයක් විදියට සුප්‍රසිද්ධ ඇපල් සමාගම තමන්ගෙ සන්නාම ලාංඡනය ලෙස භාගයක් කාපු ඇපල් ගෙඩිය යොදාගන්නවා...

2009 අගෝස්තුවේදී ජෝන් ග්‍රැහැම් John Graham-Cumming විසින් ඇලන් ගෙ මරණය සම්බන්ධව බ්‍රිතාන්‍ය රජයට පාපොච්චාරණ කරන ලෙස බලකර පෙත්සමක් සකසනු ලබනවා..30000 අධික අත්සන් ප්‍රමාණයක් ලැබෙන පෙත්සම නිසා ඇලන් සම්බන්ධයෙන් ක්‍රීයාකල ආකාරය, ඔහුට සැලකූ අයුරැ වැරදි යැයිද, එයට සමාව ඉල්ලා  එවකට අගමැති Gordon Brown විසින් 2009 සැප්තැම්බර් 10වන දින පාපොච්චාරණය කරනු ලබනවා...

වර්තමානයේ සමලිංගිකත්වය මහා අපුලක් ⁣දනවන දෙයක් යැයි ශ්‍රී ලංකාවේද බහුතරයක් දෙනා සලකනු ලබනව⁣..  සමාජය, සංස්කෘතික, අන්තවාදය  විසින් එය සැලකීමට බලකරනු ලබනවා... ඉතිං ඔබත් සමලිංගික විරෝධියෙක්ද..? එසේනම් ඔබ පරිගණක භාවිතය නැවැත්විය යුතුයි... ඇපල් දුරකථන ඇතුලු සියලු ස්මාර්ට්, ජංගම දුරකථන භාවිතය නැවතිය යුතුය... අන්තර්ජාලය භාවිතය නැවැත්විය යුතුය.. මන්ද සියල්ල රඳාපවතින්නෙ ඔබ හෙළාදනික අශීලාචාර සමලිංගිකයා සොයාගත් පරිගණක විද්‍යාවට පිං සිදු වන්නටය..

- බුද්ධික විජේවර්ධන 

Comments

Popular posts from this blog

මලයාලම් ආදරවන්තයෙක් වෙමුද? - කේරලය

මලයාලම් චිත්‍රපට බලන ඇත්තො ඉන්නවනේ. එහෙමත් නොකිය මෙහෙම කියමු. "මලයාලම් ආදරවන්තයො". ඔය Hollywood, Bollywood, Kollywood ඔය ඕන තරම් චිත්‍රපට ආවත් මලයාලම් එක චිත්‍රපටයක් බැලුවොත් නිතැතින්ම ඔහු මලයාලම් භාෂාවට පවා පෙම්බඳින්නෙක් වෙනව. මමත් එහෙම කෙනෙක්. ⁣මාව විශ්වාස නැත්තම් "Premam" "Charlie" මෙන්න මේ චිත්‍රපට දෙක විතරක් බලන්නකො. හරි අද කතාව මලයාලම් චිත්‍රපට ගැන නන් නෙමෙයි. මලයාලම් චිත්‍රපට බොහෝමයකට දර්ශන තලය වෙච්ච, මලයාලම් කතාකරන ඈයෝ ඉන්න ඉන්දියාවේ පරාදීසය "කේරලය" ගැනයි. කේරලය සැබැවින්ම පාරාදීසයක්. ඇවිදින්නෙකුගෙ එක සිහින ගමනාන්තයක්. අපි අද කතා කරමු කේරලය ගැන,  පොල් ගස් ගොඩාක් තියන, කඳු ගංඟා වැව් ගොඩකින් වටවෙච්ච මේ අපූරැ භූමියට පයතියල ගන්න පලවෙනි හුස්ම පොදෙන්  ඔබට දැනෙයි "ඔබ ජීවත්වෙනව" කියල. කේරලය මෙතරම් ලස්සන වෙන්න හේතුව මේ සුන්දර පරිසරයම තමා. ඒ සුන්දර පරිසරයම සුන්දර මිනිසුන්ව හදනවා. අන්න ඒ සුන්දර මිනිස්සු ඉන්න හින්දම කේරලය තමා ඉන්දියාවේ පිරිසිදුම ප්‍රාන්තය.  ⁣ "වැස්ස" , මලයාලම් චිත්‍රපට වලින් වැස්ස කියන දේ හ

Game Of trones දර්ශනතලය - මෝල්ටා

මෝල්ටාව (Malta)...                       මෝල්ටාව (Malta) නැත්නම්  මොල්ටා ජනරජය.. අහල තියෙනවද ? හැමෝගෙම උත්තරේ වේවී.. නෑ.. එහෙම රටක් තියනවද? තියනවා.. මේ ලොකේ අපි කොතෙකුත් අහල නැති, නොදන්න, නොගිය සුන්දරම රටවල් අතරින් එකක් මොල්ටාව... දකුණු යුරෝපයේ පිහිටි දූපත් රාජ්‍යයක් වන මොල්ටාව කිලෝමීටර් 333 ක් උතුරින් ලිබියාවටද, කිලෝමීටර් 80 ක් දකුණු දෙසින් ඉතාලියටද  වන පරිදි  පිහිටා ඇති අතර වර්ග කිලෝමීටර් 316ක වපසරියකින් යුක්තයි... ජනගහනය 450,000 අඩු මේ රට ලෝකයේ කූඩාම රටවල් අතරටත්, ජනගහනය අඩුම රටවල් අතරටත් ගැනෙනවා. රටේ ප්‍රධාන භාෂාවන් ලෙස Maltese සහ English භාවිතා වන අතර බහුතරය රෝමානු කතෝලිකයන් වනවා.. (මෝලටා හි ජාතික කොඩිය) රටේ අගනගරය වෙන්නෙ Valletta යි. වර්ග කිලෝමීටර් 0.8 වපසරියක් හෙබි ඉතාම කුඩා අගනුවරක් වල Valletta ව යූරෝපීය සංගම් රටවල් අතරින් කුඩාම අගනුවර වශයෙන් සැලකෙනව.. තවද UNESCO ව මගින් ලෝක උරුමයක් ලෙස නම් කර තිබෙනවා..  මෝල්ටාවට දීර්ඝ ඉතිහාසයක් ඇති අතර රටපුරා පෙෘරාණික ස්ථාන රාශියක් දැක ගත හැකියි... සෞම්‍ය දේශගුණයත්, සංචාරක ආකර්ශන රැසකුත් නිසා ජනප්‍රිය සංචාරක ස්ථානයක් ලෙස සැලක

සුදු ඇඳි කත

එකල මා උසස් පෙල විභාගය අහවර කර යම් නිදහසක් විඳි කාලයකි. කුඩා කල සිට තේ වත්තක වැඩ බලන්නෙකුගෙ රැකියාවක් කෙරෙහි ⁣නොනිමි අසාවෙන් පසු වූ මා එවැනි රැකියාවකට අයදුම් කර තිබුනි. එයද බලාපොරොත්තුවෙන් කාලය ගත කල මට දිනක් උදය වරුවේ ලියුම් කාරයාගේ බයිසිකල් හඬ ඇසුනි. "සිරිසෝම මහත්තයෝ මෙන්න පුතාගෙ නමට ලියුමක්" "පුතේ මෙන්න ලියුමක්, වැඩේ හරි ගිහින් වත්ද"  තාත්තා කියනු ඇසුනි. එය ඇල්කඩුව තේ කර්මාන්ත ශාලාවෙනි. ඔවුන් මා හට රැකියාව දීමට කැමැත්ත පල කර ඇත. නුවරඑළිය ප්‍රදේශයේ තේ වතු කිහිපයක වගකීම නැතොත් වැඩ බලාගැනීම මට පවරා ඇත. රැකියාවට අවැසි සියල්ලද ලකලෑස්ති කරගෙන ⁣නිවැසියන්ගෙන්ද සමුගෙන පසුදින උ⁣දයේම පොල්ගහවෙල දුම්රිය ස්ථානයෙන් නුවරඑළිය බලා දිවෙන දුම්රියකට නැග ගත් මට උදෑසන 11 පමණ වන ව්ට නුවරඑළිය දුම්රිය ස්ථානයෙන් ගමන කෙලවර කිරීමට හැකිවිය.   " මහත්තයා බෑග් එක දෙමු" නාට්ටාමි කෙනෙකුන් ළඟට පැමිණ බෑගය කරට ගත් අතර ඔහුගෙන්ම මා හට යාමට යුතු ලිපිනය සඳහන් ලිපිය පෙන්නා  "මේ ඇඩ්රස් එකට කොහොමද යන්නේ" ලිපිනය දෙස බලා මා වෙත මවිතයෙන් බෑලූ ඔහු  &q