Skip to main content

මරණය සජීවීව....

බලල තියනවද SAW Movie Series එක..? American horror movies වලට ආස අයට නන් මේක මගහැරෙන්න විදියක් නෑ.. "මරණය උදෙසා සටන් කිරීම" චිත්‍රපටය  ගැන මෙහෙම අදහසක් දෙන්නන්කෝ.. දැනට චිත්‍රපට  8කින් සමන්විත මේ භයංකාර චිත්‍රපට  මාලාවේ පලමු කොටස SAW - James Wan , Leigh Whannell ගෙ අධ්‍යක්ෂනයෙන් twisted pictures නිෂ්පාදන දායකත්වයෙන් සුප්‍රසිද්ධ Lionsgate (Terminator චිත්‍රපට බෙදාහැරීමේ ආයතනය) සමාගමෙන් 2004 ඔක්තොම්බර් මාසෙ ලොවපුරා බෙදාහරිනවා.. චිත්‍රපටයෙ භයාංකාර බව වැඩිකරන්න මේ චිත්‍රපට පෙල ඒ කියන්නෙ චිත්‍රපට 8ම මෙයාලා release කරන්නේ ඔක්තොබර් මාසෙ Halloween රාත්‍රියට කලින් දවසෙ... ඒකත් වෙන චිත්‍රපට වල නොදකින විශෙශ්ෂත්වයක්..චිත්‍රපටය Box Office වාර්තා බිඳහෙලන්න සමත්වෙනවා..

හරි අපි එමු චිත්‍රපටයේ ඇතුලාන්තය ගැන කතාකරන්න.. කතාව මෙහෙමයි දිගහැරෙන්නෙ... මේක ගෙම් එකක් හරියටම කීවොත් මේක පරිගණක ක්‍රීඩාවක් වගේ.. හැබැයි ඔබ Mission එකෙන් දිනුවොත් විතරයි ඔබට ජීවත් වෙන්න වාසනාව හිම්වන්නෙ.. හරි මෙහෙම කියන්නන්කෝ.. මරණය උදෙසා සටන් වදින ක්‍රීඩාවක්.. චිත්‍රපටය පුරාවටම මේ ගෙම් එක මෙහෙයවන්නෙ "බොබී" කියන නමින් ඉන්න චරිතය.. ප්‍රධාන චරිතය.. ඔහු තමා මේ ගෙම් එකට අවශ්‍ය අයව තෝරන්නේ සහ ගේම් එක ක්‍රීයාකරවන්නේ... ගෙම් එකට ඔබ සුදුසුකම් ලබන්නෙ මෙහෙමයි.. ඔබ සමාජයෙ ජීවත් වෙද්දි වැරදි කරනවා.. ව්විධ වැරදි.. නමුත් ඔබට ඒ වැරදි වලට නීතියෙන් දඬුවම් නොලැබෙනවා.. එවිට "බොබී" ට අවශ්‍ය වෙනවා ඔබට දඬුවම් දෙන්න.. හැබැයි ඒ බොබීගෙ ක්‍රමයට... 
බොබීගෙ ක්‍රමය සාමාන්‍ය ක්‍රමයක් නන් නෙමෙයි...
⁣මුලින්ම ඔබව කුමන හෝ අයුරින් ⁣පැහැරගැනීමකට ලක් වෙනවා... ඔබට සිහිය එද්දී ඔබ ඉන්නෙ පාලු නාන කාමරයක..නැත්නම් වෙනත් බිහිසුනු තැනක.. සමහරක් විට ඔබ තනියෙන් නෙමෙයි.. තවත් ඔබ වගේම මිනිසෙක් එක්ක මිනිස්සු පිරිසක් එක්ක.. ඔබ ඔවුන්ව නොහඳුනනවා වෙන්න පුලුවන්.. නමුත් ඔවුන් ඔබේ වැරදි දාමයට කොහින් හෝ සම්බන්ධයි... එය ඔබට "බොබී" විසින් ක්‍රීඩාවෙ සෑම අවදියකම ටිකෙන් ටික වටහා දේවී. ඉතින් ඔබව දැන් ඒ පාලු කාමරයෙ හිර වෙලා.. එක්කො ඔබේ අතට පයට විලංගු වැටිලා.. නැත්නම් දොර වැහිලා.. හැබැයි බොබී ඔබට අවස්ථාව දෙනව අනිවාර්යයෙන්ම, ඔබේ විලංගු නිදහස් කරගන්න, ⁣අගුලු ගා ඇති දොර විවෘත කරගන්න... නමුත් ඔබ එයට බොබීගෙ උපදෙස් මාලාව පිලිපදින්න අවශ්‍ය වෙනවා.. උපදෙස් ලබා දීම විටෙක ටේප් පටයක් අධාරයෙන්, රෑප පෙට්ටියකින් වැනි දේවලින් සිදුවනවා.. කිසියම් ඉඟියක් මගින්... උපදෙස් මේ වගෙයි.

" හායි ඩොක්ටර්.. මම බොබී.. දැන් ඔබ මුහුණදෙන්නෙ ඔබේ විපාක ගෙවීමටයි.. ඉතින් ආරම්භ කරමු.. මෙතනින් පිටව ය⁣ාමට නම් උපදෙස් හරියාකාරව ඉටුකරන්න"

"ඩොක්ටර් ඔබේ ජීවිතය රඳා පවතින්නෙ මේ දොර ඇරඟැනීමෙනුයි.. ඔබට තප්පර 50ක් ලැබෙනවා.. දොර ඇරඟැනීමට අවශ්‍ය නම් ඉදිරියෙ ඇති භාජනයට ඔබේ වම් උර බාහුව සිදුරැ කර ලේ පයින්ඩ් තුනක් දැම්ය යුතුයි.. පයින්ඩ් තුනෙහි බර සම්පූර්ණ වුවහොත් දොර ඉබේම ඇරේවි.. ඔබට මෙය ඉටුකරගැනීමට නොහැකි වුවහොත් තප්පර 50ක් තුල කාමරය විස දුමෙන් වැසීයයි.. දැන් කාලය ආරම්භ වෙනවා"

මෙවැනි උපදෙස් මත තමයි ක්‍රීඩාව රඳා  පවතින්නෙ... 

මේ SAW 5 චිත්‍රපටයෙ දර්ශනයක්
Link - https://youtu.be/PkaWceoYYDw

මේ විදියට උපදෙස් පිලිපැද්දොත් ඔබට අනිවාර්යයෙන්ම ජීවත් වෙන්න ඉඩ ලැබෙයි.. චිත්‍රපටය නරබද්දි ඔබට හිතෙයි වැරදි කරපු අයම විතරක් නෙමෙයි මේකට යොදාගන්නෙ කියල.. නරබලම බලන්නකෝ..

චිත්‍රපටය කොටස් 8යි... චිත්‍රපට 8ම එකිනෙකට සම්බන්ධයි... ඔබ එක චිත්‍රපටයක් පමණක් බැලුවොත්, නැත්නම් මුලින්ම SAW 4 වගෙ මැද්දෙන් ආපු චිත්‍රපටයක් බැලුවොත් නන් ඔබට කතාව නොතේරේවි.. මොකද චිත්‍රපට 8ම දම්වැලක් වගේ සම්බන්ධයි... 

මෙන්න 8වෙනි චිත්‍රපටය jigSAW එකේ පූර්ව ප්‍රචාරක පටය,

Link - https://youtu.be/vPP6aIw1vgY


චිත්‍රපටය  ගැන review එකක් දෙන්න ඕන කියල හිතුනෙ මේකයි... 
දන්නවද ⁣මේ චිත්‍රපට පෙල අතිශය ජනප්‍රිය වුන නිසා ⁣මේ චිත්‍රපටයේ රසිකයන්ට සජීවි අත්දැකීමක් දෙන්න Lionsgate ලට ඕන වෙලා තියනවා... ඒ කියන්නෙ ඔබට සෑබෑම අත්දැකීමක් විදියට SAW හී භයංකාරත්වය විඳගන්න පුලුවන් වෙනවා... ඇත්තටම මේක හරියට භූත මන්දිරයක් වගේ, තේමාව තමා SAW චිත්‍රපට මාලාව... අත්දැකීම ව්ඳගන්න නන් ඔබට ඇමරිකාවේ Las Vegas යන්න වෙනව වගේම මේ අවුරුද්දෙ ජනවාරි 26 වෙනකන් ඉන්න වෙනවා... අැත්තටම මේ අත්දැකීම ගැනනන් හිතාගන්නවත් නෑ..

වැඩි විස්තර
Link - http://variety.com/2018/film/news/saw-escape-experience-opens-vegas-1202660445/

ඔබටත් එහෙම හිතෙයි... SAW බලලම ඒ ගැන කියන්නකෝ..

- බුද්ධික විජේවර්ධන 


Comments

Popular posts from this blog

මලයාලම් ආදරවන්තයෙක් වෙමුද? - කේරලය

මලයාලම් චිත්‍රපට බලන ඇත්තො ඉන්නවනේ. එහෙමත් නොකිය මෙහෙම කියමු. "මලයාලම් ආදරවන්තයො". ඔය Hollywood, Bollywood, Kollywood ඔය ඕන තරම් චිත්‍රපට ආවත් මලයාලම් එක චිත්‍රපටයක් බැලුවොත් නිතැතින්ම ඔහු මලයාලම් භාෂාවට පවා පෙම්බඳින්නෙක් වෙනව. මමත් එහෙම කෙනෙක්. ⁣මාව විශ්වාස නැත්තම් "Premam" "Charlie" මෙන්න මේ චිත්‍රපට දෙක විතරක් බලන්නකො. හරි අද කතාව මලයාලම් චිත්‍රපට ගැන නන් නෙමෙයි. මලයාලම් චිත්‍රපට බොහෝමයකට දර්ශන තලය වෙච්ච, මලයාලම් කතාකරන ඈයෝ ඉන්න ඉන්දියාවේ පරාදීසය "කේරලය" ගැනයි. කේරලය සැබැවින්ම පාරාදීසයක්. ඇවිදින්නෙකුගෙ එක සිහින ගමනාන්තයක්. අපි අද කතා කරමු කේරලය ගැන,  පොල් ගස් ගොඩාක් තියන, කඳු ගංඟා වැව් ගොඩකින් වටවෙච්ච මේ අපූරැ භූමියට පයතියල ගන්න පලවෙනි හුස්ම පොදෙන්  ඔබට දැනෙයි "ඔබ ජීවත්වෙනව" කියල. කේරලය මෙතරම් ලස්සන වෙන්න හේතුව මේ සුන්දර පරිසරයම තමා. ඒ සුන්දර පරිසරයම සුන්දර මිනිසුන්ව හදනවා. අන්න ඒ සුන්දර මිනිස්සු ඉන්න හින්දම කේරලය තමා ඉන්දියාවේ පිරිසිදුම ප්‍රාන්තය.  ⁣ "වැස්ස" , මලයාලම් චිත්‍රපට වලින් වැස්ස කියන දේ හ

Game Of trones දර්ශනතලය - මෝල්ටා

මෝල්ටාව (Malta)...                       මෝල්ටාව (Malta) නැත්නම්  මොල්ටා ජනරජය.. අහල තියෙනවද ? හැමෝගෙම උත්තරේ වේවී.. නෑ.. එහෙම රටක් තියනවද? තියනවා.. මේ ලොකේ අපි කොතෙකුත් අහල නැති, නොදන්න, නොගිය සුන්දරම රටවල් අතරින් එකක් මොල්ටාව... දකුණු යුරෝපයේ පිහිටි දූපත් රාජ්‍යයක් වන මොල්ටාව කිලෝමීටර් 333 ක් උතුරින් ලිබියාවටද, කිලෝමීටර් 80 ක් දකුණු දෙසින් ඉතාලියටද  වන පරිදි  පිහිටා ඇති අතර වර්ග කිලෝමීටර් 316ක වපසරියකින් යුක්තයි... ජනගහනය 450,000 අඩු මේ රට ලෝකයේ කූඩාම රටවල් අතරටත්, ජනගහනය අඩුම රටවල් අතරටත් ගැනෙනවා. රටේ ප්‍රධාන භාෂාවන් ලෙස Maltese සහ English භාවිතා වන අතර බහුතරය රෝමානු කතෝලිකයන් වනවා.. (මෝලටා හි ජාතික කොඩිය) රටේ අගනගරය වෙන්නෙ Valletta යි. වර්ග කිලෝමීටර් 0.8 වපසරියක් හෙබි ඉතාම කුඩා අගනුවරක් වල Valletta ව යූරෝපීය සංගම් රටවල් අතරින් කුඩාම අගනුවර වශයෙන් සැලකෙනව.. තවද UNESCO ව මගින් ලෝක උරුමයක් ලෙස නම් කර තිබෙනවා..  මෝල්ටාවට දීර්ඝ ඉතිහාසයක් ඇති අතර රටපුරා පෙෘරාණික ස්ථාන රාශියක් දැක ගත හැකියි... සෞම්‍ය දේශගුණයත්, සංචාරක ආකර්ශන රැසකුත් නිසා ජනප්‍රිය සංචාරක ස්ථානයක් ලෙස සැලක

සුදු ඇඳි කත

එකල මා උසස් පෙල විභාගය අහවර කර යම් නිදහසක් විඳි කාලයකි. කුඩා කල සිට තේ වත්තක වැඩ බලන්නෙකුගෙ රැකියාවක් කෙරෙහි ⁣නොනිමි අසාවෙන් පසු වූ මා එවැනි රැකියාවකට අයදුම් කර තිබුනි. එයද බලාපොරොත්තුවෙන් කාලය ගත කල මට දිනක් උදය වරුවේ ලියුම් කාරයාගේ බයිසිකල් හඬ ඇසුනි. "සිරිසෝම මහත්තයෝ මෙන්න පුතාගෙ නමට ලියුමක්" "පුතේ මෙන්න ලියුමක්, වැඩේ හරි ගිහින් වත්ද"  තාත්තා කියනු ඇසුනි. එය ඇල්කඩුව තේ කර්මාන්ත ශාලාවෙනි. ඔවුන් මා හට රැකියාව දීමට කැමැත්ත පල කර ඇත. නුවරඑළිය ප්‍රදේශයේ තේ වතු කිහිපයක වගකීම නැතොත් වැඩ බලාගැනීම මට පවරා ඇත. රැකියාවට අවැසි සියල්ලද ලකලෑස්ති කරගෙන ⁣නිවැසියන්ගෙන්ද සමුගෙන පසුදින උ⁣දයේම පොල්ගහවෙල දුම්රිය ස්ථානයෙන් නුවරඑළිය බලා දිවෙන දුම්රියකට නැග ගත් මට උදෑසන 11 පමණ වන ව්ට නුවරඑළිය දුම්රිය ස්ථානයෙන් ගමන කෙලවර කිරීමට හැකිවිය.   " මහත්තයා බෑග් එක දෙමු" නාට්ටාමි කෙනෙකුන් ළඟට පැමිණ බෑගය කරට ගත් අතර ඔහුගෙන්ම මා හට යාමට යුතු ලිපිනය සඳහන් ලිපිය පෙන්නා  "මේ ඇඩ්රස් එකට කොහොමද යන්නේ" ලිපිනය දෙස බලා මා වෙත මවිතයෙන් බෑලූ ඔහු  &q