විශ්ව විද්‍යාල දිවියට සමුදුන් වහාම සිතැඟි අනාගතය වූ ගුරැ වෘත්තියට පිවිසි මා හට සුපුරැදු පරිදි මාගේ පලමු සේවා කාලය දුෂ්කර පලාතකට හිමිවිය. ගමන් පහසුකම් අතින්ද, සන්නිවේදන පහසුකම් අතින්ද දුෂ්කර භාවය අතිශය දුෂ්කර කරවූවද දක්ෂ දරැ දැරියන් ගොන්නකට හිමිකම් කියූ පාසල් මාතාවක් මේ පාලාතට විය.. තවද බහුතරයක් අව්‍යාජ මිනිසුන් විසූ මෙම පලාත මා හට එතරම්ම දුෂ්කර නොවුවේ කලක් යත්ම මම මේ පරිසරයට, ස්භාවයට අතිශය ඇලුම් කල බැවිනි... වැසි කලට මඩ ගොවිතැනද, වැසි හිඟ කාලවලදී ගොඩ ගොවිතැන්ද කල ගම් වැසියන් මිල මුදල් මත යැපීමට වඩා එදා වේල කා ජීවත් වූ පිරිසකි..
"ඉස්කෝල මහත්තයා තේ එක"
කාන්ති අක්කගෙ හඬට ගෙතුලට ගිය මා තේ කෝප්පයද රැගෙන වෙරලු ගහ යට තිබූ බංකුව වෙතට පිය මැන්නෙමි. කාන්ති අක්කා යනු සෝමරත්න අයියාගේ බිරියයි.. සෝමරත්න අයියා වෘත්තියෙන් ග්‍රාම සේවක මහත්මයෙකි. දරැ දැරියන් නොවූ මෙම පවුලේ නිත්‍ය සමාජීකයන් වූයේ සෝමරත්න අයියාත්, කාන්ති අක්කාත් පමණි.දුෂ්කර සේවය පිණිස මේ පලාත ලැබුන පසු මා හිතවතකුගෙ ඇඳුරැම් කමක් මත සෝමරත්න අයියාගෙ නිවස මාගේ බෝඩිම් කාමරය විය. එකල ආ මුල් දවස්වල මෙම නිවසෙහි මා හට නවාතැන් ලැබීම මට මහත් අස්වැසිල්ලක් වූයේ ගමේ යම් පිලිගැනීමක් සෝමරත්න අයියාට හිමිව තිබූ බැවින්ද, පාසලට යාබද ඉඩමේ අයියාගේ නිවස පිහිටා තිබීමත් නිසාවෙනි. ගමේ අන් වැසියන්ට වඩා යමක් කමක් හිමිවූ සෝමරත්න අයියාට මිනිසුන් ගෙෘරව කලේ ඔහු ග්‍රාමසේවක මහතා නිසාවෙනි. අයියාගෙ නිවස බෝඩිම ලෙස හැඳින්වුවද මටද මොවුන්ගේම පවුලේ අයකුට මෙන්ම සැලකූ නිසාම කල් යත්ම මෙය මාගේම නිවස මෙන් විය.
සිංහල විශය ඉගැන්වීම පාසලේ මාගේ කාර්ය වූ අතර කෙතරම් අඟහිඟ කම් මැද වුවද දරැවන් අසාවෙන් තම පාඩම් වැඩ කෙරීය. එකෙක්ට සපත්තුද, තවකෙක්ට බටාද, එකෙක්ට සුදෝසුදු ඇඳුම්ද, එකෙක්ට දුර්වර්ණ ගවුම්ද එසේ වෙනස්කම් නොවූ මෙහි සියලු දරැවෝම එකම බාටා පැලඳු දුර්වර්ණ ඇඳුමින් සැරසී වුන් අය විය.
සිංහල විශය ඉගැන්වීම පාසලේ මාගේ කාර්ය වූ අතර කෙතරම් අඟහිඟ කම් මැද වුවද දරැවන් අසාවෙන් තම පාඩම් වැඩ කෙරීය. එකෙක්ට සපත්තුද, තවකෙක්ට බටාද, එකෙක්ට සුදෝසුදු ඇඳුම්ද, එකෙක්ට දුර්වර්ණ ගවුම්ද එසේ වෙනස්කම් නොවූ මෙහි සියලු දරැවෝම එකම බාටා පැලඳු දුර්වර්ණ ඇඳුමින් සැරසී වුන් අය විය.
කාලය කෙමෙන් කෙමෙන් යත්ම ගමම මට නිවසක් මෙන් විය.. හවසට වැවෙන් නාන.. නිවාඩු දවස කඩමන්ඩියේ දාම් ලෑල්ල හා කහට කෝප්පය සමග ගෙවෙන ගමේ ජීවන රටාවට මාද සීරැවෙන් හැඩගැසෙමින් සිටියෙමි. ගමේ සියලුම දෙනා සාමාන්‍ය වූවද අනෙකුන්ට වඩා මා හට විශේෂ වූ අයෙක් සිටියේය.. මොහු නමින් ගුණපාල විය.. ගුණයා යැයි නම් පටබැඳුන ගුණපාල ගමේ තදයා විය.. කොටින්ම ගමේ මදාවියා විය.. ජීවිකාවට ලී මෝලක රැකියාව කෙරෑ ගුණපාල එක් දරැ පියෙකි.. පුංචි දුවෙකුට පියෙකි. හවසට උදේට කියා වෙනසක් නැති ගුණපාලගෙ සූර්වීම නන් හැමෝටම සුපුරුදු දෙයකි. දවසෙ කොයිම වෙලාවක හෝ අල්ලපු ගමේ කසිප්පු පොලට රිංගා පදමට ගත් පසු ගමටම බැන වැදීම ගුණපාලගෙ දෛනික රාජකාරියක් වීය.. ගුණපාල ඉඳහිට රැකියාවට යයි. මන්ද දවසෙ කුලියට එහි ගෙවන නිසාය.. අතමිට හිඟ වූ පසු ගුණපාලට රැකියාව ගැන සිහිවේ. කෙසේ කොයි ලෙස දිවි ගෙව්වත් තම දුවගේ යුතුකම්ද ගුණේ විසින් ඉටුකරයි.. තම මින්තණිය ළඟ සිටින දුව පාසල්ද යවයි.. අඟහිඟ තිබුනද ඇගේ ඕනෑ එපාකම් සොයාබලයි..
මා හට ගුණපාල විශේෂ වන්නෙ යම් සිද්ධි දාමයක් නිසාය. දිනක් පාසල නිම වී බෝඩිමට යමින් සිටියෙමි.. පාසලට ඉතා ළඟ වූ නිසාම පයින්ම යමින් සිටියෙමි. පාසලට ආසන්නයෙන්ම ගුණපාල බයිසිකලෙන් එනු දුටුවද එය ගනන් නොගෙනම මාගේ පාඩුවේ යමින් සිටියෙමි. නමුත් ක්ෂණයකින් ගුණපාල මාද හප්පාගෙන බොරලු පාරේ බයිසිකලය සමගම පාරේම ඇද වැටුනි.. එතරම් තුවාලයක්වත්, රිඳීමක්වත් නොවූ මා වහා නැගිට බයිකකල් කරු ළඟට ගියේ මා හැප්පුවද එ් තරහද යටපත් කරගෙන ඔහුට කෙසේදැයි බැලීමටය.
මා හට ගුණපාල විශේෂ වන්නෙ යම් සිද්ධි දාමයක් නිසාය. දිනක් පාසල නිම වී බෝඩිමට යමින් සිටියෙමි.. පාසලට ඉතා ළඟ වූ නිසාම පයින්ම යමින් සිටියෙමි. පාසලට ආසන්නයෙන්ම ගුණපාල බයිසිකලෙන් එනු දුටුවද එය ගනන් නොගෙනම මාගේ පාඩුවේ යමින් සිටියෙමි. නමුත් ක්ෂණයකින් ගුණපාල මාද හප්පාගෙන බොරලු පාරේ බයිසිකලය සමගම පාරේම ඇද වැටුනි.. එතරම් තුවාලයක්වත්, රිඳීමක්වත් නොවූ මා වහා නැගිට බයිකකල් කරු ළඟට ගියේ මා හැප්පුවද එ් තරහද යටපත් කරගෙන ඔහුට කෙසේදැයි බැලීමටය.
"මේකා අදත් හොඳටම බීලද කොහෙද"
තක්කෙටම කට ගොන්නක් බී සිටි ගුණපාලට නැගිට ගැනීමටවත් බැරිය. එ් අනතුර නිසා වූ අබාධයක් නිසාවත් තුවාලයක් නිසාවත් නොව බිව් පානයේ සැර වැඩි කම නිසාය.. මා කෙසේ හෝ ගුණපාලව වත්තම් කර නැගිට්ටන්නට උත්සහ කරද්දි..
"මොනාද ඕයි: මුගේ අම්මට පාරේ ඔහොමද යන්නෙ යකෝ"
වැරැද්දද ඔහුගේය.. පාඩුවේ පයින් යමින් සිටි මා හැප්පුවේද ඔහුය.. එසේ වූ පසුවද එයත් නොසලකා මොහුව වත්තම් කිරීමට ගිය මා දැන් වැරදිකරැය. එවිට නන් මටද යකා තදවිය..
"ඕයි තමුසෙ මෙතන මහ දවල් බීගෙන මාවත් හප්පල... තමුසෙව බලන්න මෙතන්ට ආවහම මටම කුනුහරණ අමතනවද... "
"ඈ බොල මං මගෙ පාරේ ආවේ.. පිට ගම් කාරයෝ එනවද අපිට පාට් දාන්න. ඔබනවා දැනගන් කට පොලොවෙ" කී ගුණපාල මට පහරක් ගැසීමට පැන්නද මම අහකට වී බේරැනෙමි. කලබලය ඇසී සෝමරත්න අයියාද පැමිණ ගුණපාලව තල්ලු කරේ මා බේරාගැනීමටය.. හරියට හිටගැන්මට වත් බැරි තරමට වෙරි මතින් සිටි නිසා ඔහු පාරේ කාණුවට පෙරලී ගියේය.
"ආහ් ග්‍රාමසේවක මහත්තයෝ එහෙනන් ඔහේටත් පිටගම් කාරයෝ ලොකු වුනා.. නේ.
අපි බලාගමු එහෙනන්"
අපි බලාගමු එහෙනන්"
"ගුණපාල දැන් පලයන් ගෙදර.. කට ගොන්නක් කසිප්පු හලාගෙන... යමු ඉස්කෝල මහත්තයා ගෙදර"
මට යකා තද වී උන්නද,තරහාද යටපත් කරගෙන කෙසේවෙතත් පිටගම්කාරයා මා නිසාවෙන්ද සෝමරත්න අයියා සමඟම බෝඩිම කරා ගියෙමි.
ගුණපාල හා මා අතර සිදුවූ මුල්ම සිද්ධිය මෙය විය. මෙයට පසු දින ගුණපාල මා දැක නොරිස්සුම් ගතියක් පෑවද, මොකුත් නොකියාම ගියේය.. ගුණපාල කෙරෙහි කිසිඳු යටි තරහක් මා හට නොවුණි. පාසල් ඉගැන්වීම්ද , අනෙකුත් වැඩද සාමකාමීව සිදු වුණි.
දිනක් හවස් වරැවක හදිසියේම මා හට පොතක් කියවීමට හිතුණි. අලුත් පොතක් හොයාගැනීමට නොහැකිව.. මාර්ටින් වික්‍රමසිංහයන්ගේ "යුගාන්තය" පොතද රැගෙන එය කීයවීමේ අදහසින් වත්තෙ එලි පහලියට ගියෙමි. මක් නිසාද යත් සක්මන් කරමින් පොත් කියවීමේ පුරුද්දක් මට විය. පාසලේදී මෙන්ම විශ්වවිද්‍යාලයේදීද මාගේ මේ පුරුද්ද ගැන විහිලු තහලු යහමින් ලැබුනද පුරුද්දෙන් මිදීමට නොහැකිවිය..
වත්තෙ මද දුරක් අවිදගෙන ගිය මට, පොල් ගසක් අසල බයිසිකලයක් නතර කර තිබෙනු දක්නට ලැබුනි. වට පිට සෝදිසි කර බලද්දී කෙහෙල්කනක් කරපින්නාගත් අයෙක් හිමින් සීරැවේම වැට මායිම දෙසට යමින් සිටියේය. මෙය නන් හොරකමක් යැයි හැඟුනෙන් වහා සෝමරත්න අයියාට කතාකර මේ පිලිබඳව සැලකරෙමි.
වහා වහා දුව ආ සෝමරත්න අයියා..
වත්තෙ මද දුරක් අවිදගෙන ගිය මට, පොල් ගසක් අසල බයිසිකලයක් නතර කර තිබෙනු දක්නට ලැබුනි. වට පිට සෝදිසි කර බලද්දී කෙහෙල්කනක් කරපින්නාගත් අයෙක් හිමින් සීරැවේම වැට මායිම දෙසට යමින් සිටියේය. මෙය නන් හොරකමක් යැයි හැඟුනෙන් වහා සෝමරත්න අයියාට කතාකර මේ පිලිබඳව සැලකරෙමි.
වහා වහා දුව ආ සෝමරත්න අයියා..
"ඔහේ හිටු තක්කඩියා, තෝ අද දුවල බේරෙනවා බොරැ"
මෙය කන වැකුණු වහාම කෙසෙල්කැන් හොරා වේගයෙන් දිව්වද කෙසේ හෝ සෝමරත්න අයියාගේ ග්‍රහණයට නතුවිය.
පොරයක ආරම්භයයි.. පොත පැත්තකින් තිබූ මාද සෝමරත්න අයියාගේ සහයට ගියෙමි. අවසන ජයගත් අප දෙදෙන සොරා මෙල්ල කර ගැන්මට සමත් වුණෙමු.
පොරයක ආරම්භයයි.. පොත පැත්තකින් තිබූ මාද සෝමරත්න අයියාගේ සහයට ගියෙමි. අවසන ජයගත් අප දෙදෙන සොරා මෙල්ල කර ගැන්මට සමත් වුණෙමු.
"ගුණයා උඔ, උඔ ද එහෙනන් හොරා.. තෝව අද මමයි මට්ටු කරන්නෙ... "
"අනේ ග්‍රාමසේවක මහත්තයෝ මට සමා වෙයල්ල, "
"සමාවෙන්ඩ, බොල අනුන්ගෙ දේවල් කඩා වඩාගෙන ජීවත් වෙන්ඩ ලැජ්ජා නැද්ද තොට"
"අනේ මහත්තයෝ" යි අයදිමින් මා දෙස බෑලූ ගුණපාල අයාචනාත්මක බැල්මක් හෙලීය. කෝපයෙන් ඔහු දෙස බැලූ මසිත තුල ඔහු කෙරේ කිසිඳු අනුකම්පා නොවීය. හොරකම නන් හොරකමමය. එය වැරදිය.. ඉතින් සමාවක් කුමටද.?
"තෝව අද මම පොලීසි යවලයි පස්ස බලන්නේ" කී සෝමරත්න අයියා. ගුණපාලගෙ කමිසයෙන් අල්ලා එසවීය..
",අනේ මහත්තයෝ නැති බැරි කමට කොරේ මහත්තයෝ. මට සමා වෙලා"
"නැති බැරි කමට? නැති බැරි කමට හිඟාකන එක සැපයි යකෝ හොරකමේ යනවට වඩා, තෝ් ලී මෝලෙන් හම්බකරනවා කෝ ඒවා"
"අනේ මහත්තයෝ මාව උන් ඒකෙන් පැන්නුව මහත්තයෝ. ඉතින් අතට ගතමනාවක් නැතුව නොවැ. කෙල්ල ගෙදර ගිය වෙලේ ඉඳන් විලාප තියනවා... පාට පෙට්ටි කූරැ ඕනෑ කියල.. ඒකීට ඒවා නැතුව ඉස්කොලේ අකුරැ කරන්ඩ බෑලු, අනේ මේ මං ඒකීට පාට කූරෑ ගන්ඩයි මේම වැඩක් කොරේ මහත්තයෝ"
"තොගෙ පොඩි එකීගේ පාට පෙට්ටිය ගන්ඩ මගෙ වත්තෙ කෙහෙල්කන් කපන්ඩ ඈ බොල... දැනගන් මං දැන්ම පොලිසි යනවා.. තෝව එතකොට හවස කුදලන් යාවි.. "
"අනේ බුදු මහත්තයෝ මගෙ කෙල්ලත් තනියෙන් ගෙදර, මට සමාවෙලා අය නන් කොරන් නෑ මේවා"
"නෑ නෑ තෝ මට්ටු වෙන්නෙ අද තමා.."
"බුදු මහත්තයෝ"
"තෝ දැනගන් මං තෝව අර පොඩි ඒකී හන්ද අතාරිනවා... හරිනන් තෝව වරැ හත අටක් ගස් බැන්දනන් තමා හරි... දැන් පල අය එහෙම මේ වැඩ කරල මට හම්බුනොත් තෝව මං කලින් වැරදි වලටත් එක්කල තෝව රලහාමිලට භාරදෙනවා.. දැනගන්, මේ අද කීවා කියල සිහි තියාගන්"
"අනේ බුදු මහත්තයෝ මින් මත්තට මං හොරකන් නන් කරන් නැහැ, මට යන්ඩ දියල්ල සමාවෙලා"
"දැන් පල තෝ මං කීව දේ සිහියෙ තියන් වැඩ කරපිය"
සෝමරත්න අයියාට දොහොත් මුදුන් තබා වැඳ නැගිටගත් ගුණපාල මා කෙරේත් හිස නමා හැරී යන්නට ගියේය. බයිසිකලයට නැගගත් වහා වේගයන් පෑගීය..
"ඕකා හදන්න බෑ ඉස්කොල මහත්තයා. අර පොඩි කෙල්ලට පන ඇරල. ඒකයි මං ඕකව ඇතැරියේ"
පියෙක් තම දරැවන්ට ආදරේ බව සැබෑය. නමුදු එය මුල් කරන් හොරකම් කිරීම... එහි කිසිඳු සාධාරණත්වයක් නොමැත. මේ සිද්ධියෙන් පසු, අතීත මතකද ඇතුලුව ගුණපාල කෙරෙහි දැඩි අකමැත්තක් මසිත තුල වැඩෙමින් තිබිණි.
සුපුරුදු පරිදි පසුදින පාසල් යන අතරමග ගුණපාල දක්නට හෝ නොලැබිණි. පාසලට ඇතුලුවුන මා පහ වසර සිසුන්ට මුල්ම කාලච්ඡේදය උගන්වා පන්ති කාමරයෙන් පිට විය. ගුරැ නේවාසිකාගාරය දෙසට යන දෙපස එක වසර හා දෙවෙනි වසර සිසුන්ගෙ පන්ති කාමර පිහිටා තිබේ. දෙවෙනි වසර පන්ති කාමරය ඉදිරියේ කුඩා දැරිවියක් දන නමා ගෙන හඬමින් සිටී. ගුරැවරිය තාමත් ඉගැන්වීම් කටයුතු වලය. මා කුඩා දැරිය වෙතට පිය මැන්නෙමි. ඇය , "ගුණපාලගෙ දුව" ඇය මා දැක ලැජ්ජාවෙන් මූණ බිමට නැඹුරැ කර ගත්තාය.
"දුව, ඇයි මේ මොකක්ද කරපු වැරැද්ද?"
ඇය දනහිස් දෙකෙන්ම තවත් පස්සට වීය.
"නෑ මං දුවට දඬුවම් කරන් නෑ, කියන්න මොකක්ද කරපු වැරද්ද"
ඇය දනහිස් දෙකෙන්ම තවත් පස්සට වීය.
"නෑ මං දුවට දඬුවම් කරන් නෑ, කියන්න මොකක්ද කරපු වැරද්ද"
හැඩූ කඳුලින්ම අහිංසක බැල්මක් හෙලූ ඈ,
".. මට පාට කූරෑ නෑ කියල දන ගහන් ඉන්න කිව්ව"
".. මට පාට කූරෑ නෑ කියල දන ගහන් ඉන්න කිව්ව"
ඇසුන දෙයින් කිසිත් නොකියන තරමටම ගොලු වූ මා හට අසරණ බාවයක් දැනුනි. වරදකාරී හැඟීමෙන්ම ඉදිරියට අඩ්ය තැබුවෙමි. ඇයට මෙලෙස දඬුවම් විදින්නට මුල් වුයේ මමද?
- බුද්ධික ව්ජේවර්ධන
Comments
Post a Comment