ලංකාව කියන්නෙ හතර අතින්ම මුහුදෙන් වටවෙච්ච දූපතක්නෙ.. ඉතිං හරි හරියට ධීවර කර්මාන්තෙත් කෙරෙනවනේ.. කොච්චර මුහුද තිබ්බත් කොච්චර හොඳ විවිධත්වයක් එක්ක මත්ස්‍ය සම්පතක් තිබ්බත් ලංකාවේ මිනිස්සු රටින් මාලු ගෙනත් කනව කියනවනේ.. මේ කතාව ධීවර කර්මාන්තෙ ප්‍රශ්න ගැනනන් නෙමෙයි.. හැබැයි ධීවර කර්මාන්තෙ අපි පොඩියට හිතන ලොකු කතාවක් තියන මාරම ඉන්ටරස්ටින් දෙයක් ගැනයි..
රිටි පන්නා ක්‍රමය.. මෙහෙම කීවට නන් සමහරක් කට්ටියගෙ මොලේට මීටර් වෙන් නැතුව ඇති.. අර මුහුද මැද්දෙ ලොකු රිටක් ගහන් එකේ මැද්දෙන් තිරස්ව පොල්ලක් බැඳන් එ්ක උඩට වෙලා මාලු බාන එක..? අන්න දැන්නන් කට්ටියට මීටර් නේ..? මමත් හිතුවේ මේක මේ පොඩි දෙයක් බිලී පිත්තක් අරන් මාලු බානවා.. එච්චරයි.. හැබැයි එතනින් එහාට ගැබ්වෙච්ච කතාවක් මේක අස්සෙ හැංගිලා තියනවා.. නිකං කතාවක් නෙමේ මුලු ලෝකයක් හොයන කතාවක්.. පත්තරේ ගිය ආර්ටිකල් එකකින් තමා මමත් මේක හරියටම දැන ගත්තෙ..
රිටි පන්නා ක්‍රමය, මේ ක්‍රමයේදි වෙන්නෙ නොගැඹුරැ මුහුදෙ වෙරලට යම් තරමක දුරින් ශක්තිමත් රිටක් හිටවනවා.. මේ රිට ජල මට්ටමේ ඉඳන් අඩි 7 ක් 8 ක් වගේ උසක් හිටින්නයි හිටවන්නෙ.. කදුරැ, කඩෝලාන වගේ වතුරට ඔරොත්තු දෙන ගහක ලීයක් තමා මේ රිටට ගන්නෙ.. මේ රිටේ යම් උසකින් තිරස්ව පොල්ලක් බැඳගන්නවා.. මේ පොල්ල මත හිඳගෙන තමයි රිටි පන්න ධීවරයා තමන්ගෙ රාජකාරිය කරන්නෙ.. බිලී පිත්ත විදියට කිතුල් පිත්තක් පාවිච්චි කරනවා.. ඇම විදියට..? මෙන්න කතාවෙ රසවත්ම කොටස.. ධීවර කර්මාන්තෙදී බිලී පිත්තක් පාවිච්චි කරනවනන් ඇමක් ඕනමයිනෙ.. පුංචි මාලු, පණුවො, පාසි වගේ දේවල්නෙ ගන්නෙ මේ ඇමට. හැබැයි මෙන්න මේ ක්‍රමයෙදිනන් ඇමක් පාවිච්චි වෙන් නෑ.. එතකොට මොකක්ද පාවිච්චි වෙන්නෙ.. මොවුන් ඒ කියන්නෙ රිටි පන්න ධීවරයො ඇම විදියට පාවිච්චි කරන්නෙ දැලි පොත්තකින් හදාගන්න බිලී කටුවක්? දැල්ල වයසෙන් වැඩිල විශාල වෙද්දි උගේ පිටේ තියෙන මේ දැලි පොත්ත හැලිල යනවා.. මේ හැලිච්ච පොත්ත මුහුදු වෙරලට ගසා ගෙන එනවා.. මෙන්න මේ ගසාගෙන එන දැලි පොතු රිටි පන්න ධීවරයො එකතු කරගන්නවා ඊටපස්සෙ ඔවුන්ගේම සාම්ප්‍රදායික ක්‍රමවේදයකට දැලි පොත්ත භාවිතයෙන් බිලී කොක්කක් හදාගන්නවා.. මේ බීලි කොක්කත් අපි හිතන තරම් ලේසි සරල දෙයක් නෙමෙයි.. අන්න ඒකයි මං මුලින්ම සඳහන් කරේ මේක පොඩියට හිතන ලොකු කතාවක් කියල.. මුහුදු වෙරලෙන් ඇහිඳගත්ත දැලි පොත්තෙන් බිලී කටුවක් හදාගන්න මුල්ම කාර්ය වෙන්නෙ දැලි පොත්ත මිරිදිය වතුරෙන් හෝදලා දුමේ වේලන එක.! සති තුනත් හතරත් අතර කාලයක් මේ විදියට වේලගෙන දැලි පොත්ත කෑලි වලට කපාගන්නවා.. හරියටම අච්චුවක් වගේ වෙන්න.. මේ කපාගත්ත කෑලි ගල් ලෑල්ලක අතුල්ලාගෙන මට්ටම් කරගැනීමක් කරනවා.. මට්ටම් කරගත්ත, මැදගත්ත දැලි පොත්ත ගින්දරින් රත් කරගැනීමකුත් සිද්දකරනව.. දැන් බිලී කොක්ක හදාගන්න අච්චුව නිමයි.. දැන් මේ විදියට හදාගත්තු දැලි පොතු අච්චුවට රත් කරපු සුදු ඊයම් වක්කරල තමයි බිලී කට්ට සදා නිමකරගන්නෙ.. මෙන්න මේ බිලී කට්ට තමා ඇමට ආදේශකයක් විදියට රිටි ධීවරයන් යොදාගන්නෙ.. ඇමට අහුවෙන් නැති සමහර ලොකු මාලුතේ මේ බිලී කොක්කට අහුවෙනවලු.. හේතුව තමා මේක වතුරෙදි දිලිසෙනවා. මේ කොක්කට රැවටෙන මාලුවො ඉතිං රිටෙ ඉන්න ධීවරයගේ මාලු මල්ලට යනවා. මාරයි නේද...? මචං..? සුද්දො ලංකාවට ඇවිත් මේ ක්‍රමේ විඩීයෝ කරන් අත්හදා බලලා ගියත් වැඩේ මෙහෙ අයට තරම් සාර්ථකව කරගන්න බැරිවෙලාලු කියල තමයි කතාව.. මොකද මේ කර්මාන්තෙ ඉන්න අය මේ සල්ලි වලට විකුණන ජාතියෙ අය නෙමේලු... ඒ නිසාම මේක ගාල්ල කොග්ගල පැති වලට පමණක් ආවේණික දෙයක් වෙලා තියනවා.. වැදගත්ම දේ තමා මුලු ලෝකෙන්ම ඇමක් නැතුව මාලු බාන එකම විදිය මේ ව්දිය ලංකාවේ වෙච්ච එකයි... කොහොමින් කොහොම හරි කාලේ තාලේට අනුගත වෙලා වෙනදා යොදාගත්ත කඩොලාන රිට වෙනුවට දැන් දැන් ගැල්වනයිස් බට යොදාන්නවලු.. ෆෝන් එකෙන් පොඩියට සිංදුවක් අහගෙන බිලී බානවලු...
- බුද්ධික විජේවර්ධන
Comments
Post a Comment